Pages

Thursday, October 22, 2015

...::: තුසිතෙන් බට සුර දූතිය :::...


.
තුසිතෙන් බට සුර දූතිය,
අපෙ ලෙය අපෙ හැඩරුව ගෙන,
අමා පැනුත් එපැයි කියා,
නෑනගේ ලේ කිරි කෙරුවලු...
කොලු විසේට දඟල දඟල,
කියවපු අපෙ ලොකු අයියට,
ඒ සුර දූතිය දෝතින්,
පිය පදවිය හිමි කෙරුවලු...
.
නිවසේ තිරයට අළුතම,
ආව චිත්‍රපටිය වගේ,
කොතරම් බැලුවත් වැඩි නෑ,
නුඹෙ රුව නම් අත්තම්මට...
නැන්දි පුංචි කාලෙ වගේ,
හිනා වෙලා හුරතලේට,
මොන මොනවද කියන කතා,
මී පැණි පුරවයි සවනට...
.
අයනු වගේ ගුලි වීලා,
හිතු මතේට ලොකු නැන්දිත්,
නුඹ දොයියන තොටිල්ලේම,
හරි සතුටින් දොයි කිව්වලු...
අත්තා ඇවිත් හනි හනිකට,
නුඹ දෝතින් අරගත්තට,
නුඹ වගෙ නොව මං දකින්න,
සති තුනක්ම පහු වුණාලු...
.
කොලු පැටවුන් දාස් ගණන්,
මෙල්ල කලත් හරි හරියට,
කෝටු පාර දී නෑ නුඹෙ,
ලොකු අත්තා කිසි දින මට...
කාල තුවක්කුවට වඩා,
සවි තිබුණත් අත් පා වල,
ඊට වඩා මෙලෙක් හිතක්,
දැක නෑ මං මේ මිහි පිට...
.
තත්පර කටුවට රුපුයුද,
තුවාල පොදි යට ගියාට,
තවමත් ඒ ඇඟ ඇතුලේ,
යකඩ කෑලි කකියනවලු...
විසි වසරක දිගු මතකයෙ,
කඳුලු පිටාරයෙ ගියාට,
උඹෙ හිනාව දැක්ක තැනදි,
දුක් ඈතට ඉගිලෙනවලු...
.
දොයියමු මේ පුවත අසා,
බෝනික්කෙක් වගේ යසට,
ස්තූතියි නුඹට ගොඩක්,
දිවි තිරයම එළි කලාට...
මං උන් ඒ සුව තොටිල්ලෙ,
අද සුවසේ නුඹ උන්නට,
නෑ තරහක් සුදු පැංචියෙ,
නුඹයි අපේ සුර සම්පත... ^_^
.
ලොකු නැන්දී විසින් ආ.කා.සෙ අබේකෝන් S.N.K වෙතයි ...
.
෴ ලෝචි ෴

Wednesday, October 21, 2015

නාමල් ජයසිංහ ගුරු පියාණන්

 "කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කාපු නැති කොල්ලෙක්ගෙන් වැඩක් නෑ" 
.
ඒක අහපු ගමන් මට මාර චූන්  එතකොට මම හිටියේ 1st Year එකේ ... Preparation වලට තිබුණ Lecture එකේ... අරුන්දතියෙ බිම ඉඳගෙන.....හ්ම්ම්ම් ... බෝඩිං ජීවිතෙයි පැය 4ක බස් ගමනයි එක්ක Campus එක අත්භූත අත්දැකීමක් වුණ මොහොතක ...  සර් එහෙම කිව්වම මට ඒකට සතුටු හිතුණා ...  සර් කියන වචන හරි අමුතුයි ... සිත් ගන්නා සුළුයි ...  හරිම විවෘත මනුස්සයෙක් ...ඉන් එහාට සර් ව එක Subject එකකදි විතරයි මුණගැහුනෙ ... මචං එකේදි දැක්ක චරිතෙ වගේම ඒ හඬෙත් මම හොඳ රසිකාවියක් වුණා ... ඒත් මම සර් ගැන ඊට එහා දෙයක් දන්නේ නෑ ...
.
ඔන්න ඔහොම කාලය ගෙවුණා ... කසුන් කල්හාරගේ Romantic Opera එකේ සින්ඳු ඇහුවානේ කට්ටිය ...  මාත් ඇහුවා ඉතිං ... සඳ ඕනා , රෑ අහසින් ,ලෙයිලා , ඇරඹුමම කඳුලක් වෙලා ,හෙට අලුත් අළුයමක් වගේ සින්දු අස්සෙන් ... මට මාරටම වැදුණ සින්දුවක් තිබුණා ...  " අඳුරේ මැදියමේ "  කසුන්ගේ Voice , Melody , Lyrics ඇහෙද්දි අනේ මන්දා කියා ගන්න බැරි මොනවදෝ සිතුවිලි ගොඩක් හැදෙනවා ...  හරි කොටින්ම කිව්වොත් සින්ඳුව මට නම් වැදුනා සුපිරියටම... ඉතිං මේ පිස්සු හදෙන Lyrics කාගෙද?හ්ම්! අහලා තියෙන නමක් ... ඔව් දන්න කියන නමක් ... ඒත් මේ මම දන්න කෙනාමද?  මම විශ්වාස කල දේ ඇත්තටම දැන් චන්දුට ගත්ත කෝල් එකට පින්සිද්ද වෙන්න දැනගත්තා ... සර් වගේම ළමයි මේ වෙලාවෙත් Drama Practices ... අපෙ චන්දු , සර්ගෙන් අහලා ඒ සින්දුව ලිව්වෙ සර්ම කියලා සනාථ කලා ... ඒත් මට තාමත් හිතාගන්න බෑ ... එදා 1st Year ඉද්දි දැක්ක මනුස්සයාව, පස්සෙ මම දැක්කෙ Lyrics වලින් ... මේ මිනිස්සුන්ගෙ Identity එකට බලන් යද්දි මූණක් ඕනෙත් නෑ ...  කලා කාරයා කියන්නෙත්  අනේ මන්දා පුදුම Character එකක් ...  
.
අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
.
ගායනය - කසුන් කල්හාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - නාමල් ජයසිංහ
.
෴.ලෝචි.෴