Pages

Monday, August 24, 2015

...::: මිතුරු ලැයිස්තුව :::...


ඔවුනට නැති මටත් නොමැති,
දෙදහස් පන්සිය ගණනක්,
ඉවත් කලත් මූණූ පොතෙන්,
ඉතිරියි තව පන්සියයක්...
.
කාර් පූසෝ මල් නළු නිළි,
මූණූ අතරෙ අමාරුවෙන්,
සොයා බලා ඉතිරි කළෙමි,
දැකලා පුරුදු මුහූණු ටිකක්...
.
දැකලා නැතත් මුණු මෙතෙක්,
ගස් වල වුව දුටු හොඳ හිත,
ඉබේ අතින් ඉතිරි වුණා,
මටත් නොකියා සුපුරුදු ලෙස...
.
හදීසියට දන්න ඈයො,
යන්නත් ඇති මග හැරිලා,
දැන් ඇති නොවැ අපි වයසයි,
උන් සොයාවි තවත් කෙනෙක්...

Sunday, August 23, 2015

...::: අරමුණක් :::...

හොයනවා හොයනවා ...
උදේ ඉඳන් රෑ වෙනකල් ...
රෑ ඉඳන් උදේ වෙනකල් ...
හැබැහිනුත් හීනෙනුත් ...
ජීවත් වෙන්න...
මගේම කියන ...
එකම එක ...
අරමුණක් ...

Friday, August 14, 2015

...::: Facebook Canvassing :::...


කියවන්න හිත තිබ්බ,
කවි පිරුණු බිත්ති වල,
උඩ ඉඳන් පහලටම,
ඡන්ද කොල අලවලා ...

Thursday, August 13, 2015

...::: විලාසිතා :::...

  
ලස්සන කෙහෙරැලි විලාසිතා කොට යන්නට කිසිදින සිත් වී නෑ .........
රබර් සෙරප්පුව ඩෙනිම් කලිසමට ඇන්ඳ ඇඳුමෙ කිසි වෙනසක් නෑ........
ඇහි බැමි අන්ජන පුයර කොලොන් ගා සැරසී හැඩ වැඩ දැම්මෙත් නෑ........
එහෙව් මෙමට මහ පාරේ යන කොට කොල්ලන්ගෙන් කිසි වදයක් නෑ.........
.

...::: ජාතිත් දෑස් හමුවට නාවොත් ඇතිය :::...


පොඩි කෙහෙරැලි ඩිංග ඩිංග වැවෙන කොට
ඇන නොකරන් විෂයන් ගොඩ දාන කොට
රස බර තනු දෙතොලතරින් ගැයෙන කොට
උඹ දුන් වේදනා අමතක වුණා මට ...
.
දැන් දැන් කුසට තුන් වේලම සුපුරුදුය
පස් පව් නොවන මසිතට නිති තිසරණය
මහ මෙර උසට පැතුමක් තවමත් නැතිය
නුඹෙ ගති පෙන්නු දෛවෙට මම ණය ගැතිය...
.
ගිනි දැල් නිවූ සිහිලැල් අද අසරණය
සිතනා තරම් සහනය කාටත් නැතිය
නූඹ ගැන සිතේ තරහක් කෙලෙසත් නැතිය
එනමුදු වරද අමතක කරලනු බැරිය...
.
නොදෙනට සමා මට නුඹ නිදොසුත් නැතිය
ගන්නට සමා මා කල වරදක් නැතිය
පින් පව් එලෙස සමබර වන්නට ඇතිය
ජාතිත් දෑස් හමුවට නාවොත් ඇතිය...
.
෴ . ලෝචි . ෴

Friday, August 7, 2015

...::: අලිපේර :::...

කොල පිරී අතුනැවී පල බරයි සරු සාර ...
රස පිරියි ගුණ පිරියි අනු දශමයක් නෑර ...
කඩවසම් කොලු පැටව් ගන්න පෙර කරකාර ...
කළු කෙල්ලො සුදු වෙන්න ගානවලු අලි පේර ...
.
අත දුරින් නැති වුණත් කඩිමුඩියෙ මේ පාර ...
තෙවන මහලින් බැසිමි ලීය ගෙන වැට මාර ...
දෙවන මහලේ වහල සිරියා ගලයි දෝර ...
අම්මපා අත මානේ මහ ගොඩක් අලිපේර ...
.
දම්මි අක්කා බලයි දුර ඉඳන් කෙලි වීර ...
කෙල්ලටත් නෑ බයක් හිතට දැනුනම මීර ...
පණ බයෙන් පහු කරත් වහලෙ එකිනෙක දාර ...
කැඩුවා මං උරයකින් එකක් රස අලිපේර ...
.
 ෴. ලෝචි .෴