Pages

Monday, June 8, 2015

...::: සුන්දර හැඟුම් නුවණට උඩින් :::...

   
පෙම් කල එදා,
කහටක් නොවී,
සිතු දේ කළෙම්,
බිළිඳකු ලෙසේ...
.
මෙය හරි කියා,
වැරදිය කියා ,
නැත පසු බැසුම්,
විනිසුරු වදන්...
.
දැවුණම ගතින්,
බිඳුණම සිතින්,
මොලකැටි කෙරුම්,
දරදඬු වුයෙන්...
.
යල් පැන ගොසින්,
පෙම්බර වදන්,
අත පසු විනැයි,
නෑ සිත වගක්...
.
තුසිතය වුවත්,
නිරයක වෙසින්,
දිවි අවුළුවන්,
දුක් දුන් සෙයින්...
.
සුන්දර හැඟුම්,
නුවණට උඩින්,
නොගියම ඉතින්,
නැත පෙම් කෙරුම්...
.
෴ . විලෝචනා . ෴

No comments:

Post a Comment

leave your comment here...