Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Sunday, June 28, 2015
...::: විරහව :::...
දෙනවට දෙන කඳුළු ගෙන වැහි වලාවේ...
අත් බැව්හිම දොවන් පව් කඳ විරහවේ...
හෙණ ගෙඩි පුපුර පුපුරා නොම පමාවේ...
හත් කඩකට පලන් හිස එය මනාවේ
Tuesday, June 9, 2015
...::: බුදු පහන :::...
කුසට අහරක් නැති දා...
කඳුළු නොඉනූ නෙතට,
ඉකි නොගසාම,
ක්ෂණයකින් නැගුණා...
උණු කඳුලක්,
නැති බැව් දුටු විට ,
තෙල් බිඳක්,
බුදු පහන දල්වන්ට ...
Monday, June 8, 2015
...::: සුන්දර හැඟුම් නුවණට උඩින් :::...
පෙම් කල එදා,
කහටක් නොවී,
සිතු දේ කළෙම්,
බිළිඳකු ලෙසේ...
.
මෙය හරි කියා,
වැරදිය කියා ,
නැත පසු බැසුම්,
විනිසුරු වදන්...
.
දැවුණම ගතින්,
බිඳුණම සිතින්,
මොලකැටි කෙරුම්,
දරදඬු වුයෙන්...
.
යල් පැන ගොසින්,
පෙම්බර වදන්,
අත පසු විනැයි,
නෑ සිත වගක්...
.
තුසිතය වුවත්,
නිරයක වෙසින්,
දිවි අවුළුවන්,
දුක් දුන් සෙයින්...
.
සුන්දර හැඟුම්,
නුවණට උඩින්,
නොගියම ඉතින්,
නැත පෙම් කෙරුම්...
.
෴ . විලෝචනා . ෴
Thursday, June 4, 2015
...::: නිවන් දකින්නෝ :::...
තම නැණ පමණිනා,
ඉපිදෑ නෙක කුලේ...
තම තම දේ කියා,
ලොබ බඳිනා සෙයින්...
මෙත් සිත ඉවතදා,
දූ ගති පතුරමින්...
කෙලෙසක කියනුයේ,
අනෙකුට වැදි බණක්?
.
වඳිනා පිළිමයෙන්,
අමතන වහරයෙන්...
බෙදුනවු මියෙද්දී,
උප්පැන්න හැර ගියෝ ...
අලවුන් දමනයේ,
ඉවසු බුදු තරම්...
ඉවසනු බැරි දනා,
සතුෙවෙද බොදු හැඟුම්?
.
අන් දෑ සොයමිනා,
කල් ගෙවනා එවුන්...
දත් දත් දේ නිසා,
අනෙකුන් ගැන කිපෙත්...
ලෝ දම් සිත තියා,
පව් දුරලන එවුන්...
මොන වරිගේ වුනත්,
නිර්වාණේ දකිත්...
.
෴ . විලෝචනා . ෴
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)