Pages

Friday, May 29, 2015

...::: මයුර :::...


මයුර ...
අසා තිබුනෙමි...
පෙරක ...
නුඹ ...
අප දුටු විට ඉපිලෙන වග ...
අපට පෙනෙන්ට රඟන වග ....
.
කාලයාගේ ඇවෑමෙන් ...
උගත්තෙමි ...
අප,
නුඹ දැක ඉපිලෙන වග...........
.
එහෙත් ...
අදයි මට වැටහුණේ ,
උඹ,
අපිව නටවන වග .................
.
෴. විලෝචනා . ෴

(මෙය හුදෙක් මයුර රූ ගත් රුපියල් දහසේ නෝට්ටුව පිළිබඳවයි)

Wednesday, May 27, 2015

...::: චාම් කෙල්ල :::...


       
තොල් රත් පැහැ නොගෑවාට,
අංජන නෙත් නොඇන්ඳාට,
හිත දේදුණු පරදයි කොලුවෝ
උස ඩිංගක් මදි වුණාට,
මූන ටිකක් කලු වුණාට,
හිත ඒ හැටි කලු නෑ කොලුවෝ
.
කොණ්ඩෙට වැඩ නොදැම්මාට,
ඇහිබැම සුන් නොකෙරුවාට,
මේ ගති මට සරළයි කොලුවෝ
එක එක ඇඳුමට සරිලන,
පාට පාවහන් නැතුවට,
පොකට්ටුවට කදිමයි කොලුවෝ
.
තරු හෝටල් මග ඇරියට,
සයිවර් කඩයට ගියාට,
ගෑරොප්පුව පුරුදුයි කොලුවෝ
මහ සෙනගට වෙර බැන්ඳට,
හුදෙකලාව පිය කෙරුවට,
හුරතල් ගති අඩු නෑ කොලුවෝ
.
ස්‍රැතියෙන් එපිටහ ගැයුවට,
කවි එලි වැට නොරැක්කාට,
ඔය කොයිකත් උඹටනෙ කොලුවෝ
මගෙ පාඩුවෙ මං උන්නට,
වැඩි උනන්දු නොකෙරුවාට,
මං ආදරෙ උඹටයි කොලුවෝ
.
෴ . විලෝචනා . ෴

Tuesday, May 26, 2015

...::: ආ මග :::...

ගිය මිනිසුන් මල මිනිසුන්
පපුව ගැහෙන මුත් මලවුන්
කියුම් කෙරුම් හැඬුම් දෙඩුම්
දිනු මුත් අහිමිවු පැසසුම්
.
පසුකර දුර ආ ගමනේ
ආ මග දෙස නෙතු යෙමුවිට
සතුටුයි නැති වූ දෑ ගැන
සතුටුයි නැති වූ උන් ගැන
.
නියාමයන් පරදනු බැරි
පව් පින් දැන් සමබර වී
බැරි නෑ මට වග කියන්ට
අද මට හිමි සැම දේටම
.
෴ ලෝචි ෴


Monday, May 11, 2015

...::: අග මුලක් නැති කවිය :::...

 සියක් බඹරුන්...... රඟන රැඟුමන්...............බලා කම්පිත සිත දැවේ
 සියැස් බර කර ........බලන්නට නිල් නයන තව ලොව හිඟ නොවේ
 එසෙත් සිය වර සිතා විමසා ..........නුඹම නොවැ පෙර වෙන් වුවේ ‍
 අග මුලක් නැති කවියෙ මුලසුන ....නම් කොහෙත් මට පල නොවේ