Pages

Saturday, April 25, 2015

...::: Timeline ඛේදවාචකය :::...

ක්‍රිකට් මැච් තියෙනකොට,
සංගාටත් ආදරෙයි...
ශ්‍රියා මෙහෙ එන විටදි,
ශ්‍රියාටත් ආදරෙයි...

පටි රොල් ලොල් හතයි ,
පේමන්ට් එකේ අයයි...
නුඹෙ කාල තීරුවේ,
පොස්ට් හරි ලස්සනයි ...
.
මගෙ නමට කිසිත් නැති,
නුඹෙ කාල තීරුවට ...
මේ තීරුවේ නිතර,
කවි ලියවුණා ඉතිං...

මහමෙරක් ලෙස නොසැලි,
නුඹෙ කාල තීරුවෙන් ...
සොයන්නට නොහැකි විය ,
මගෙ නමට කිසි යමක් ...
.
ලෝචි ෆීලීන් ඩවුන් මෝර් දෑන් එවර් ...

Thursday, April 23, 2015

...::: කව්රුන් හෝ මටම ලියූ පද පෙලකට තනුව දෙන්න :::...

    
නොකරන් ඇවටිලි ඔය හැටි,
කරන්න යැයි මගේ යමක් ...
මට මාවත් නැති මොහොතක,
කොයින්ද මට මගේ යමක් ...
.
ගී කියන්නෙ ඉඳල හිටල හිතේ කාන්සිය නිවෙන්න...
ඩිංගක් හරි සන්සුන් වී දිනක් දෙකක් ගෙවාගන්න ...
මට නැතුවට මගෙම යමක් වේදිකාවෙ දිග අරින්න ...
ඉන්නව නොවැ අතලොස්සක් මගේ නොවන ගී අහන්න ...
.
දාස් ගණන් හඹා එද්දි මට බෑ නොවැ මග අරින්න ...
ඒත් ඉතින් හිත කියන්නෙ දැන් කල් හරි නිහඬ වෙන්න ...
කවදා හරි මම ගියාම සදහට මගෙ නෙතු පියන්න ...
කව්රුන් හෝ මටම ලියූ පද පෙලකට තනුව දෙන්න ...
.
 ලෝචි  ෴

Friday, April 17, 2015

...::: සියවරක් මා දෙස බැලූවත් නුඹට නෑ මගෙ සිනාව :::...

සියක් සිතුවිලි තෙරපී තෙරපී ......... හදේ නුවු ගිණිසිළු දැවේ
සියක් ඇවටිලි පසෙක ලා සිත .......... යලිත් ගිණිසිළු පසු දිවේ
සරක් සවනත දැවටි දැවටී ............. නෙතඹ නෙතගට වැඩමුවේ
සකක් සේ අබලන්ව යන මග ............... මගේ ගත සිහිසුන් වුවේ
.
සිව්වනක් නෙතු මත්තෙ දැවටී.............. උන්නු කල් ඇති නිසාව
දෙවඟනක් සේ පෙණුන කල් දැන්......... ගෙවී ගෙවී ගිය නියාව
පරඟනක් වී යන්න දී නුඹ ..................වෙන අතක බැලු පමාව
සියවරක් මා දෙස බැලූවත්................. නුඹට නෑ මගෙ සිනාව
.
"෴ලෝචි෴"

Tuesday, April 7, 2015

...::: ඇති :::...

♥ :* :) ^_^ :v ♥ :*
සරසවියේ විරාමයක
මං එන්නම් නුඹ බලන්න
තුරුල් කරන් මගේ ලයට
තාලෙට කවි ගී ගයන්න
.
දුරස් කරන් මං ආවට
හිත තිබුණේ නුඹෙ ස්වර ළඟ
ආරංචියි නුඹට තිබුණු
කඩතොලු දැන් සනීප වග
.
අත ගාද්දි නුඹෙ වත දැන්
ඉස්සර වගෙ රිදෙන්නෑලු
රිදුනත් මගෙ ඇඟිලි තුඩග
නුඹ නොවයා ඉඳින්නෑලු
.
පුංචි අලුත්වැඩියාවට
මගෙ පන දැන් හරිම හැඩයි
නුඹ වය වය ගී කියන්න
හරි හරියට මටත් හිතයි
.
මගේ පුංචි ගිටාරයට
දුන් විරාමෙ හොඳටම ඇති
කවුරු නැතත් මගෙ තනියට
නුඹ හිටියොත් හොඳටම ඇති
.
♥ To My Beloved Guitar .... France Crusader ♥

Monday, April 6, 2015

...:: ලොව දුර ගමනක :::...

මටත් හිමි නැති පවුරෙ නොනිමිව
නුඹෙ නමට කවි කෙරෙව්වා ... o.O
මෙයින් මතු නුඹෙ නමට කවි නැතී වේද
නුඹ අද අහනවා ... :/
හිත හැදෙන්නට ගී අසන විට
මට වඩා උෟ අඬනවා ... :v
අඬ අඬා අපි ඉන්නෙ කොහොමද
ලෝකෙ තරඟෙට දුවනවා ... :D
.
෴ ලෝචි ෴