Pages

Tuesday, December 30, 2014

...::: ♥ ... මේ කවි දහය මගේ අහිංසක යාළුවෝ ටිකක් ගැන .... ♥ :::...


ඔව් හරිම අහිංසක,ඇල් වතුරත් නිවලා බොන :v
විහිළුවට නෙවේ ඉතිං ඇත්තටම හොඳ යාළුවො ටිකක් ගැන ලියපු කවි ටිකක්... ^_^
Love you all guys and hope your friendship will last forever !!!
.
සිරි වරනි සරනි මුදු වදන් බරිනි පෑ Rivini....... මගේ නෑ නෙත ගැටිලා
මා වණන වැනුම් උඩ යවන යැවුම් මහ පොළොවෙන් ඉහලට පා කරලා
බෝ මිහිරි වදන් කෙලි ලෝල හඬින් අැසුමට තරමෙන් මගෙ පින පිරිලා
ඒ නුදුටු නුවන් දුක සැපට සමෙන් ළඟ උන්නෙන් ....සෝ සංකා මැකිලා ^_^
.
මගෙ ගීත අසා... බෝ පැසසුම් කල.. සිත්තරුවෙක් අහඹුව මුණ ගැසුනා
සිත මවිත කරන... සිත්තමට ඔබින ඔහු යනෙන මගෙත් සිතුවම් මැවුණා
ලෝ සකල කලාවට හපන් ඔහුට.....දෙව් ගතිගුණ නොමදව උරුම වුණා
අවවාද බොහෝ සේ අවැසි වෙලාවට Janmika ......කවදත් ළඟ උන්නා O:)
.
බර හඬැති සිතැති හැඩි දැඩැති හැඩැති හොඳ මිතුරෙක් ලෙස මට මුණ ගැසිලා
Rock අසැති ගයැති රළු බවැති මොහුගෙ මුදු හිත තුළ...... රළු ගති නෑ රැඳිලා
බෝ විනීත වදනින්..... ගරු සරු මුල් කොට..... මා අමතන ...යහමින් රැඳිලා
හොඳ මිතුරු කමට නම් කියාපු මේ අපෙ Vibhatha...කවදත් හොඳ කොල්ලා (y)
.
හිත රිදෙන පිනන... නෙක වදන් කියන... ඔය Gihan .....ආඩම්බර කොලුවා
පොඩි දේට වුවත් හරි ඔරොප්පු වෙන... නුඹෙ හිත මම හොඳ හැටි හඳුනනවා
ඔය මොනව වුණත් පොඩි කොලුවා අගෙයි ඒ හොඳ ගති වදනින් වැටහෙනවා
බෝ මිහිරි හඬින් මේ සවන් කලක්..... නුඹෙ ගීත අසා........ දින සති ගෙව්වා :v
.
ඉහ උස්සල වත් මා දෙස නොබැලූ.... වදනක් නොකියූ කොලුවෙක් උන්නා
ඒ ඔක්කෝටම හරි ........මූණු පොතේ මොහු කාගෙ කාගෙ වුව හිත් දින්නා
සිය ගණන් Comments,මරු මරු Status දිග හරහට එළි වෙනකල් දමනා
මගෙ Dilàñඔයාට ගොඩක් ආදරෙයි............. කවදත් අක්කියා ළඟ ඉන්නා :)
.
රෑ එළිවෙනකල් කයිවාරු ගසන්........ නිදි වැරු කාලේ.... අමතක් වෙන්නෑ
මහ බද වැස්සේ ...තනි ගිණි අවුවේ....... අපි නුවර නොගිය බිම් අඟලක් නෑ
අපේ Yasodaraවත..... නුඹ ගැන කියන්න එක කවියක් නම් ඇති වෙන්නෑ
පොඩි දොස්තර නෝනෝ ,කොහේ ගියත් ලෝචිට නුඹ ඇති නම් අවුලක් නෑ ;)
.
බෝ නිසල නිහඬ ගති හසල නුඹේ හඬ....... සසල කලේ....... දහසක් පරයා
කිසි වරදක් නෑ ..... හරි පාඩුවෙ උන්නට....... මුණු පොතේ මොහු හරි ජසයා
කන් පිනන නදක් හිමි කුසලෙ බලෙන් කොයි කාගෙත් හිත් ගත් Dinushaයා
සරිගම....... කිව්වත් ඇති මට නම් කවදත් ....... නුඹ මගෙ ප්‍රියතම ගායකයා :v
.
හිත කලාවටත් ........බර විනෝදෙටත් බර........ ඉගැනුමටත් දස්කම් පෙන්වා
කයිවාරු ගසන්නට........ විහිළු කරන්නට ........ඇය පරදන කිසිවෙක් නැතුවා
මේ මටම ඔබින.... කෙලි වදන් ගොතන.... ඇය රුව ගුණ සිප් යහමින් වැඩුවා
ඔය මැරෙන්න දඟලන ලෙඩ්ඩු Nishadiගෙ..... කතා ඇහුවා නම් ගොඩ යනවා :D
.
මිතුදමින් වෙලී...... ලද උතුම් සුවෙන්.... සිත සුවපත් වී..... දිවි රැකුණ නිසා
හුරතලෙයි.... හඬයි වැයු ගිටාරෙනුයි .....නුඹ තැනුවෙ මගේ හිත දෝස නසා
Rock උණයි බණයි මගෙ හැඩයි වැඩයි තුන් වේල කන්න හුරු කෙරුව නිසා
ණය ගැතියි Soad නුඹ නොවුනා නම් ...කව්රුත් නැති වෙයි මගෙ ගීත අසා :*
.
එක එක ගානේ ඔය කව්රු ගැනත්... කවි පද ලියලා Mention කෙරුවා
හිත රිදුණා නම් ......මේ ලියපු ඒවා ගැන හෆොයි .....සමාවත් අයදිනවා
මෙකී නොකී... තව තවත් ඈයෝ ඇත...... ලියන්න කාලය මද වෙනවා
එ් කෙසේ වෙතත්...... අමනාප නොවී දිගුකලක් රැඳෙන්නැයි ඉල්ලනවා :/
.
මුළු හිතින් පතමි සැමටම කිරි ඉතිරෙන සිරි සුභ නව වසරක් වේවා !!! ^_^

Monday, December 29, 2014

...::: කොලුවගෙ පැනය :::...


.
ඉලන්දාරි නුඹෙ දහංගලේ අද කොහේ ගිහින්වද..............මම දන්නෑ :/
නුඹෙ වදන් බරයි... හඬ මලානිකයි......පෙර වගේ සිනා කැන් පූදින්නෑ :(
මුළු දිනක් හමාරක් ගෙවී ගියා.............. හුරතලේ නැතුව හිත වාවන්නෑ o.O
මම මගේ වගක් ගැන බලා කියාගෙන තුටින් උන්නා මිස.... වෙනසක් නෑ :/
.
ආදරේ නෑලු..... මගෙ අගේ නෑලු..... නඩු කියලා අහලා බේරිල්ලක් නෑ :/
මං ඕනෙ නැද්ද...... සිහි වෙන්නේ නැද්ද ඇසු හරස් ප්‍රශ්න අහවරයක් නෑ >:(
දෙයියනේ කියලා... කැම්පසුත් ආවා ගිය සෙමෙස්ටරෙත් ගොඩ අවුලක් නෑ ;)
මොන විභාගයත් හරි.......... ඉලන්දාරි මේ කොලුවගෙ පැනයට විසඳුම් නෑ :v
.
එක එකා වගේ මේ මමත් ගණන් ටික තියන් හිටියා නම්..... මේ දුක නෑ ;)
මං ළඟින් උන්නා වැඩි නිසා අගේ අඩු වුණැයි...... නොකී එක දවසක් නෑ :v
මේ තරම්ම වද දෙන නිසා.......පුරස්නෙන් පැන යන්නත් මට හිත දෙන්නෑ :/
ඔය දෙකින් එකක් බේරලා මිසක............ මං එළිවෙනකල් ඇස් පියවන්නෑ >:(
.
හරි හොඳයි කොලුවො මේ ටිකත් නුඹේ හිත තියන් ගියොත් කිසි පරහක් නෑ :/
මගෙ නුවන් සරී........ ප්‍රාණයත් සරී .........මිතුරන්ගෙන් මට කිසි අඩුවක් නෑ ^_^
කොයි කවුරු වෙතත්......මා වටකර,මට..... 'නුඹ' පරයන කිසිවක් මිහි පිට නෑ :*
මේ හඬත් නුඹේ...... මුළු හිතත් නුඹේ ......වග දන්නව නම් නුඹ දුක් දෙන් නෑ :(

♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ 

Sunday, December 28, 2014

...::: උඹ ආදරෙයි නේද ඒ ඉලන්දාරියට :::...

වතුර බිඳුවක් පවා හිරිකිත :/
පුපුරු ගහන හීතලේ ...
චිරි චිරි වැස්සේ ... o.O
වෙව්ල වෙව්ල,
තනිපංගලමෙ,
හාමතේ ...
උඹ පාරට බැස්සම ...
හිත කිව්වේ මට මෙච්චරයි ...
"පලයන් අර අහිංසකයගෙ තනියට... ඒකා අසරණ නොකර" :(
කඩි මුඩියෙ ලැහැස්ති වෙලා,
කඩේකට ගිහින්,
උඹෙ බඩ පිරෙන තුරු කවලා,
Goods Shed එකේ මඩ වලවල් උඩින් පැන පැන :v
උඹව බස් එකට ඇරලලා ගෙදර ආවම,
හිත මට කිව්වේ මෙච්චරයි ...
"උඹ ආදරෙයි නේද ඒ ඉලන්දාරියට ??? " :*

Tuesday, December 23, 2014

...::: මං දන්නවා :::...


එක දශමයක් උඹට දැනෙන්නේ නැති වේදනාව ...
උඹෙ අඩු පාඩුවත් පුරවගෙනයි මට දැනෙන්නේ ...
මම උන්නත් මලත් උඹට වෙනසක් නැතුවට,
මට එය කොතරම් වේදනාවක්ද බව ...
උඹ දන්නේ කොහෙද???
මම දන්නෙත් අද ...
උඹ විතරක් සුනාමියට තනියම යවන්නේ කොහොමද???
ඔන්න මගෙ සන්තකේම එව්වා උඹත් එක්ක උඹෙ තනියට ...
මට කියලා කිසි කෙනෙක් ඉතිරි නොකර ගෙන ...

...::: පිපේවි හෙට මත් මලක් :::...

:O  ..................... කළු දහරෙන් නැසී පිළිකුල වැරූ  ...................  :O
................. කටු කිණිසි විස ඝෝර සර්ප විමාණේ ..................
>:(  ..........කළු කබා හැඳි රකුසන්ගේ මලානික ඇස් අස්සෙන්..........  >:(
.......... ලේ තැවරී ජරා ජීර්ණ වූ මල සිරුරු මතින් පැන ............
O.o  .............. අඳුරු බියකරු අමු සොහොන් බිම් පසු කර .............. O.o
......... මූසල කෑරලුන් උලමන් ගේ අමනුෂ්‍ය සේයාව මකා  .........
:* ...................  <3 පිපේවි හෙට මත් මලක් ! <3 ..................... :*

Thursday, December 18, 2014

...::: පව් කාර පෙම්වත :::...

ලාවා පිරුණු පපුවේ,
උණුහුම වරා ගත් ,
පීඩාකාරී කඳුළු ,
පැන් කෙණ්ඩියෙන් ගෙන,
දෑඟිලි දොවා,
පෝරු මස්තකේ ,
ඇගේ අත ගෙන,
අයෙකුට වෙස්සන්තරයද,
තවකෙකෙුට අෂ්ටකයද,
ඇස්සවූ...
පව් කාර පෙම්වත ,
මගෙන් ඔබට සුභ පැතුම් ...

...::: තුමණි :::...

සොඳුරු වූවන්... ^_^
සොඳුරු වූ තැන් ...
දෙස අඩක් දකුණට හැරී ආචාර කර ... :)
තද බල ලෙස කියා සිටියෙමි...
සියල්ල සම්පූර්ණයි නිවැරදියි කියා ... :/

මම දන්නවා ...
Drill discipline,Mess Etiquettes ,Billet inspection,
Kit inspection,PT මේවා සැරටම බලලා
තිතට Roll Call එකත් ගත්තේ මගේ යහපතට ... :)
මගේ හොඳ සේරම හැදුවෙ උඹ ...
Assault Course එකේ ,
හැම obstacle එකම clear කරන්න උදව් කලා ... :)
කාලයක් සීරුවෙන් තියලා ...
පස්සේ ඉඳලා හිටලා පහසුවෙන් තිබ්බට ...
දැන් උඹ බය නැතුව කියනවා "සිත් සේ සිටින්" කියලා ... (y)

උඹ පුහුණු කල ඇයට ...
උඹත් පසුකර යන්න වෙලා ...
තවත් උහුලනු නොහී ...
On your own time fire
යැයි අණ දුන්නේ සමුගන්න ළඟ හින්දා ... o.O
සීරුවට ඇවිත් ...
කඳුළු කඩා හැලෙන ඇස් පිස නොදමා ...
විනය රැකගෙන ... :(
මම ඇත්ත දන්න වග දැන දැනත් ...
"මා ළඟ හිස් කොපු හෝ ජීව උණ්ඩ කිසිවක් නැත "
කිව්වේ ... කර කියා ගන්න දෙයක් නැති තැන බැව් ...
මම දැන්නවා ... :(
අද හිස් අහස සැරසුණත් ...
උඹ නැතුව දිළිසෙන තරු වලට වඩා ...
Retreat bugle call එක සනීපයි ... o.O
තුමණි ...

Monday, December 15, 2014

...::: සැණකෙළිය :::...

සිරි යහන් ගැබ,
බිතු මත්තේ රජයන,
ගතරුව ... ♥

" නුඹ " ...
කෙමෙන් කෙමෙන් , o.O
හති දම දම ,
ලොවේ දොස් කනකට නොගෙන ,
තැනූ සැණකෙළියේ ... ^_^

රුසිරු අයිතිය ගෙන,
හෙට නුඹටත් එයට ,
මුදල් ගෙවා ඇතුල් වෙන්නැයි , :o
නීති දමන ,
දැන්වීම් එල්ලන උන්ට,
උඹ බය නැතුව කියාපන් ,
මේ ටික... :/

" ඔව් ! මම ,
සර්පයෝ අයින් කලා ...
බැමි ගැහුවා ...
උයන් කෙරුවා ...
මම නැත්තන් ,
උඹලට බෙදන්න වෙන්නේ ටිකට් නෙවේ ... :v
මාරි "

...::: ලෝචි :::...

Sunday, December 14, 2014

...::: Cetirizine :::...

සීතල උහුලන්න බැරි නුඹ ... o.O
කඩුගන්නාව කන්ද නගින්න පටන් ගත් තැන ඉඳන් ...
අම්බෝ බෑ කිය කිය ... :O
කිටි කිටි කිටි ගගා දත් පූට්ටු කර කර ...
Super Man ... හචින් යව යව " I'm Super bad ... " කිව්වා වගේ, :v
අඹ ' බ 'යන්න කියා ගන්න බැරුව දඟලන නිසා ...
ඔන්න මම Stand by තියාගත්තා,
Cetirizine ...

Wednesday, December 3, 2014

...::: නුඹ මගෙ හද ගත්තු නියා :::...

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

ඉඟ සුඟ ......... නලව නලවා ඉඟි බිඟි කරනා ;)
රඟ රඟ ........නෙතු අගින් මට ඇවටිලි කරනා :v
නග නග ....... සිනා රැල් තනි කම් දුරු කරනා :D
ළඟ ළඟකදි ........ ඉඳන් කුමරෙකු නිදි වරනා :/

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

සොඳ සොඳ .. හෙල සිරිත් යහමින් හඳුනන්නේ :O
මද මද ....... දම් කරුණු හෙම පහදා දෙන්නේ :)
නද නද .......... මගෙ අසා උමතුව පසසන්නේ O:)
සඳ සඳ ....... පෑයු සඳ නුබ සැණකෙලි ගන්නේ ^_^

♥ ♥ ♥ ♥ ...................... ♥ ♥ ♥ ♥

රස බස් ...... දෙතොළගින් නිතරම මිමිණු නියා :v
දස මස් ... දැරු ඇගේ පෙම සම කෙරුණු නියා ^_^
දස දස් .. ගණන් ගැන සිත නොම නැවුණු නියා :/
ලෙස තොස් .. කියමි නුඹ මගෙ හද ගත්තු නියා :*