හීනෙන් සවනට
කොඳුරන
දුටු විට ගත
කීරි ගැහෙන
ඉලන්දාරියෙක්
ඉන්නවා දන්න හඳුනනා
නෑ විමසිලි නෑ
මැසිවිලි
කිව්වත් නාහෙට
නොඇසිලි
සිය මතේට
පමණක් වැඩ තිතට තියෙනවා
යන්තම් කඳුලක් දුටුවොත්
මට ඔහු ඕනැයි
සිතුනොත්
මටවත් නොකියම
ඇවිදින් පුදුම කරනවා
දුටු කාටත් ප්‍රිය උපදන
වචන දෙකෙන්
හිත් නම්මන
කොයි කව්රුත්
දැන් හොඳ හැටි නුඹ හඳුනනවා
දුරකතනය අතේ තියන්
උදෙත් රැයත්
එහිම ගෙවන්
අතපසු වුණ එක්
මොහොතට දොස් පවරනවා
ඇත්තට දකිනට නැති මින්
අන්තර්ජාලෙන්
ඇවිදින්
සුළඟේ පා කර
සුරතල් හාදු එවනවා
මෙය හරි නෑ මේක එපා
කියමින් මට සිනා පපා
ඇදුමෙ ඉදන් ඕන එපා දේ තෝරනවා
දුක් සේරම හොඳින් අසන්
දැන් ඉන් පල
නෑනෙ කියන්
ඉව්වද කෑවද
නෑවද කියලා අහනවා
උපන්දිනේ දුර එනකොට
ඕනෑ දේ නෑති
වෙන කොට
බොරු කිය කිය
රුහුණ ටවුම පුරා දුවනවා
ඇය අනිකුන්
වාගේ නෑනේ
ඔන්නෝවට කැමති
නෑනේ
කඩ ගානේ
කෙල්ලන්ටත් වරුණෙ කියනවා
වෙනදා මෙන්
නැති වෙනකොට
කොහිදැයි මට
සැක වෙනකොට
නෑ නෑ මං ඔයා නිසයි ආවෙ කියනවා
හීත උදේ සුව
දැහැනේ
මර නින්දේ නිදි යහනේ
පොඩි කෙලීගෙ ගුටියට ගැස්සී ඇහැරෙනවා
කෙලීගේ සුරතල්
මර වද
ගැන කියන්න කට හද හද
මරු වැඩක්නෙ උනේ බබා කියලා කියනවා
මගෙ ගීතෙට හරි ලෝබයි
කොච්චර ඇහුවත් ආසයි
මහ රෑටත් දුරකතනෙන් ගීත අහනවා
මගේ ගීත අසා බලා
අයියත් හරි ආස වෙලා
රසිකයො දැන් දැන් ටික ටික වැඩයි කියනවා
මම වැඩකට හිර වුණොතින්
කතා නොකර බැරි වුණොතින්
අද දවසම කතා කලේ නෑනෙ කියනවා
හැදු වැඩු අම්මට වැඩියෙන්
බැලුවොත් කෙල්ලට ලොකුවෙන්
එලෙසම කෙල්ලත් හලාවි නේද අහනවා
ගිටාරයට තට්ටු
දමන්
කියු සින්දුව අහල හිටන්
රබන් ගැහුවෙ මොකද කියා මං අඬවනවා
නැන්දම්මට ඇත්ත කියා
ලේලිගෙ හොද වරුණෙ කියා
දැන් ඉදලම නැන්දා ලේලි සාම කරනවා
දහසක් බාධක
රන්දන්
ඕවත් මට කජුද
කියන්
හිමි නොවුනත්
නුඹට සින්න වෙන්න හිතෙනවා
නලලත නුඹෙ දෙතොල් තියා
මුල් හාදුවෙ අරුමෙ කියා
මං නුඹේම කරගන්නට හීන මවනවා
මත් මල නුඹෙ සෙනෙහෙ
දරන්
ඔය නෙතු ගැන උරුමෙ කියන්
හනි හනිකට නුඹෙ සෙවනට එන්න හිතෙනවා
ඉගෙන ගන්න
ඕනැන්නෑලු
මං මෙන් එය
වටින්නෑලු
මොනව නැතත්
ආදරෙ නම් ලෙසට කරනවා
වැඩියෙම ආදරෙ
කාටද
අම්මට මිස වෙන
කාටද
අම්මට නෑති
වුන් ගෑණිට නැතැයි කියනවා
ආදරෙ අඩු වෙලා වත්ද
ඉස්සර මෙන් දැනෙන් නැද්ද
ලෝකේ නැති ප්‍රශ්න අසා හිත රිද්දනවා
දන්නැති උන් සමග කතා
කෙරුවෝතින් නොමැත සිනා
මං අකමැති දෙයක් කලා නේද අසනවා
ඔරොප්පුවෙන් කොච්චි වගේ
සැර ටික මට දාන අගේ
කඳුලෙන් හරි ළගට ගන්න මාන බලනවා
ඉස්සර මෙන් නෑ දැඟලිලි
ළඳුනගෙ ගැන නෑ කියවිලි
දවසේ විසි හතර පැයේ මාව සොයනවා
දුර හිටියත්
සුවඳයි නොවැ
ඉඳලා ගියත්
එමමයි නොවැ
දැන් නම් මෙහෙ
කොයි කව්රුත් එය හඳුනනවා
නුඹෙ සුවඳින් පිරි කමිසය
මතකෙට මට දුන්
කමිසය
මගෙ බෝඩින්
කාමරේම සුවඳ කරනවා
ඇස් නටවයි මං
නැටෙවයි
තොල් සොලවයි
මං මියැදෙයි
නුඹෙ කෝලම් බල
බල මගෙ දවස ගෙවෙනවා
මොළකැටි නුඹෙ
ටිකිරි සිනා
බල බල නුඹ
විඳිනු විනා
මට ඇති වෙන
වැඩක් නැතැයි කෙල්ලො කියනවා
දිලිසෙන නුඹෙ
ගත රතුපුල්
පරදයි සොද රෝස සුපුල්
සිහිවෙනකොට ගත මගෙ හිරිගඩු පූදිනවා
රහසින් නුඹ දොඩන වදන්
කර්ණසංඛෙ දිග අරවන්
සැනෙකින් මට තව්තිසාවෙ දසුන් මවනවා
නළවා ඔය ඉග
සුග ටික
හදවා උමතුව ටික ටික
සින්නක්කර අයිතිය මගෙ ගන්න හදනවා
දුටුවම නුඹෙ මයුර රැඟුම්
අවිහිංසක මාගෙ හැඟුම්
ආලෝකේ ප්‍රවේගයෙන් උඩ ඉගිලෙනවා
ගමනට පෙර නින්දට පෙර
නෑමට පෙර කෑමට පෙර
වෙදා ලිව්ව බෙහෙත වගේ මං අමතනවා
එකසිය අට පේලි
පුරා
කෙරුවත් නුඹෙ වරුණෙ පෙරා
කොච්චර ලිව්වත් නුඹ ගැන මදිනෙ හිතෙනවා
උපන් දිනය
සිහි කරවා
සිත නොසිතම කවි කෙරුවා
ආදරෙ මං මගෙ මැණිකට පණ හරි දෙනවා
විලෝචනා ගෙන් ...
2014 - ඔක්තෝබර් -
07සුභ උපන් දිනක් වෙනුවෙන් ...