Pages

Saturday, June 21, 2014

...::: මත් මලට :::...


හුරතලෙන් පෙම් බඳින, ^_^
බෝ සිනා රැල් නගන, =D
නුඹේ සිතුවිලි රැගෙන, :/
යලි මගෙන් සමු ගන්න........ :(
දින සති ගණන් මිසක, -_-
වසර ගණනක් නොදැක, :(
හද වින්ද සිහිනයක, :)
කිසිත් නැත දුක මිසක ........ o.O

හිත පුරා ඇති තරම, ^_^
මදි නැතැයි පිදුව පෙම, ;)
කඳුලකට හැරුණාම, :'(
අමුත්තක් නෑ කිසිම........ o.O
අරුත් සුන් අවසනට, :(
අසිහියෙන් බැඳුනාට, :o
නොදැනුනා නොවේ මට, :/
නුඹ සින්න නොවේ මට........ :(

හෙටත් පෙර සිනාබර, :v
ලකුණු මට ඉතිරි කර, ^_^
වේදිකාවේ වැතිර, o.O
ගිටාරය තුරුල් කර ........ -_-
වයා පෙර වැයු තනුව, :/
පෙර පහන් කළ රැයව, :(
මීදුම් දුමාරයව, :*
මත් මලක් වී ඉනුව........ ♥

Monday, June 16, 2014

...::: මියැදුනු මිතුදම් :::...

ඔහු දන්නවා නුඹ ආදරේ මට කියා
නුඹ දන්නවා ඔහු ආදරේ මට කියා
මම දන්නවා නුඹලට මම ආදරෙයි කියා
මම දැන උන්නේ නුඹලා නුඹලට ආදරෙයි කියා...
මම දන්නා නොදන්නා දේ අතරේ
නුඹල නුඹලට ආදරේ කරන්න අමතක කළා ...

Friday, June 13, 2014

...::: තවත් අන්දරයක් :::...

ඇත්තද කියන්නේ බිව්වම මිනිස්සු ? :/
සතුටුයි හරිම ... ^_^
බොන්න ඔයා සැරයක් එහෙනම් මාසෙකට ... =D

"හෙන්රියාටා අද බිත්තර දෙකක්ම දාලා"
කිව්වම හිනාවෙනවා ගොඩක් ඔයා... =D
ආසයි ඔයාට කියන්න මාත්
හිතෙනවා ආදරේ ගොඩක් මට ... ♥
කියන්න ඇත්තට සතුටින්ද ඔයා ??? o.O

හිනාවෙනවා විටෙක ^_^
හඬනවා තවත් විටෙක :/
මුරණ්ඩුයි හරිම...
ආදරෙයිද ඇහුවම මම
කියන්නෙ ආදරේ චුට්ටයි කියලා :v

කමක් නෑ ගැහුවට රවුම් ... :/
කමක් නෑ ගියාට රස්තියාදුවේ ... :/
සතුටින් නම් ඉන්නේ ඔයා :)
දුක නෑ ඉපදුනත් වෙන මව් කුසක ...
දාලා යන්න එපා කිසිදාක o.O
ආදරෙයි ගොඩක් මම ... :*
ඉන්න සතුටින් හැමදාම... ^_^

Thursday, June 12, 2014

...::: ගල් හිත :::...


ඉපදුන ගමන් ...
කකුල් දෙකෙන් උස්සලා පිට කොන්දට ගහපු පළවෙනි පහරින්,
මම කෑ ගහලා ඇඬුවේ...
රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මට පණ තියෙනවා කියන්න

පොඩි කලේ ඉඳන්,
මේ වෙනකන් මගේ වැඩ ටික තනියම බලාකියාගෙන
පැත්තකට වෙලා හිටපු මට වත්
මේ නපුරු මිනිස්සු ඉන්න පාඩුවේ නොදුන්නම මම කෑ ගැහුවේ
රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මටත් තියෙන්නෙ ලේ මස් නහර කියන්න

මුළු ලෝකයත් දෙමව්පියොත් සහෝදරයොත් එරෙහි වෙද්දි
මුළු ලෝකයක් කිව්ව දේ නාහෙට ගත්තෙ නැතුව
ඒ හැම දේම අත ඇරලා
ඔයා වෙනුවෙන් මේ මම විතරක් කෑ ගැහුවේ
රිදවන්න එපා ඒ මනුස්සයට රිදෙනවා
ඒ ඉන්නෙත් මනුස්සයෙක් කියන්න

ඔයා වේදිකාවේ ඉන්නවා බලන්න එන්න කලින්
නිහඬයි කියන ඔයාම මට කෑ ගහද්දි
මම කෑ ගැහුවේ
යාන්තං වැවීගෙන ආව කොණ්ඩේ
හිතක් පපුවක් නැතුව කපා ගත්තේ
දරාගන්න බැරුව හැපි හැපී ඇඬුවේ
රිදවන්න එපා වස්තුව මට රිදෙනවා,
සල්ලි හොයාගෙන මම ඔයා බලන්න එනවා කියන්න...

මගේ වස්තුව,
ඇයි මට කතා කරන්නේ නැත්තේ
ඇයි මට මෙහෙම කරන්නෙ කියලා අහද්දි
ඔයා මගේ ජීවිතේට අඩිය තියන වෙලේ
මට කිව්ව දේවල් මතක් කලේ
මම කෑ ගැහුවේ ...
රත්තරන් මට කව්රු රිද්දුවත් දුක නෑ
ඔයා රිදවන්න එපා වස්තුව මට රිදෙනවා,
වෙන කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න

මේ හැදදේම වෙලා අද අන්තිමට මම කෑ ගහන්නේ
ඔයා කෑ ගහන්න එක්කෝ අඬන්න
හයිය තියේ නම් ජීවත් වෙන්න
නැත්නම් කාළකණ්ණි වෙන්න
මට රිදෙන්නෑ දැන්,දැන් මම ගලක් ...
ඔයාට තියා කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න

Tuesday, June 10, 2014

...::: සිරි සර වස්සානේ :::...

හතර වටේ රවුන් ගහන
මහ සයුරට පෙමින් බැඳුන ♥
ඉලන්දාරියෙක් ඉන්නවා දන්න හඳුනනා 8-)

තොරතෝන්චි නෑ කියවිලි
නෑ තහන්චි නෑ රැවටිලි
කොලු ගැටයෙකි හුරුබුහුටියි සිත ඉපිලෙනවා ... :v

මහ වැස්සේ ගිණි අවුවේ
වැඩ අස්සේ තද බදයේ
හිත අස්සේ සිනා මවා
තනි වනසනවා ...

පොඩි දේටත් මූණ ඇඹුල් :/
යලි සැනෙකින් දිලෙන කොපුල් ^_^
නුඹෙ සිරි සර වස්සානේ මාව තෙම‍ෙනවා ...

ආදරෙයිද මට අසමින් ^_^
මං ආදරේ නෑ කියමින් :P
අහල පහල යන එවුන්ගෙ ;) වරුණෙ කියනවා ... >:(

කව්දැයි කව්දැයි අසමින් :o
මට පෙම් බඳිනවු ගනිමින් :/
මේ හනිකට එපා වුණා නේද අසනවා :(

හිනාවෙද්දි මට ඔරවා >:(
මං රවද්දි කඳුලු සලා :'(
මෝඩිට මං ආද‍ෙරයිනෙ කියලා කියනවා ... :* ♥ ♥ ♥ :*

Thursday, June 5, 2014

...::: මත් වූවනි :::...

සුරා පැණින් මත් වූවන්ටයි මේ කියන්නේ
කඳුළු පෙරටුව සිනහ පෙරටුව ...
මත් වුණා නම් නුඹේ අප්පච්චි ...
ඒ කදුලම ඒ සිනාවම
සිහියෙනි දරාගත්තේ මව්...
බේබදු පියාගේ අඩි පාර මත ඇවිදින
හිත සවි නැති කොල්ලනි ...
අරගලකාරී හැඟීමක් නොව ...
නුඹේ අප්පච්චිට ...
සිනහව වත් කඳුල වත් දරාගන්න සවි නෑ
ගැහැණුකම පිරි නුඹෙ අම්මට තරම් ...

Wednesday, June 4, 2014

..::: සුර ලොවට :::...



දමා සියොත් කැළ
බදා කටුක දුක
නුඹේ තුරුල්ලට ආ දවසේ
මවත් පියත් නැත
සොහෝයුරන් නැත
ගමත් මැකී ගිය මා මනසේ
නවාතැනක් තුළ ඔහේ නිසංසල
සුසුම් මුදා හළ දුක් පහසේ
නුඹත් මගේ නොව මමත් මගේ නොව
ඇදෙයි දුරක් නුඹ මට රහසේ