ඉතිං ආයෙම එන්න වෙන්නැති චාරිකාවක තතු තියා
හඬා නොහඬා දරාගන්නට සසර බිය මේ යැයි කියා
හීන් කැපුමට වැටුණු ලුණු බිඳු වගේ චිත්රූ විය වියා
එක් හඬක් අපෙ සුසුම් සිර කර සදහටම මැකිලා ගියා 🐾
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
ඉතිං ආයෙම එන්න වෙන්නැති චාරිකාවක තතු තියා
හඬා නොහඬා දරාගන්නට සසර බිය මේ යැයි කියා
හීන් කැපුමට වැටුණු ලුණු බිඳු වගේ චිත්රූ විය වියා
එක් හඬක් අපෙ සුසුම් සිර කර සදහටම මැකිලා ගියා 🐾
🌲🌲🌲
ඔයාට නත්තල් ගහක් නැත්තං...
ඔයා නත්තල් ගහක් වෙන්න... 🎄
ඔයාට තෑගි ලැබුණෙ නැත්තං...
ඔයා තෑග්ගක් වෙන්න... 🎁
නත්තල් කියන්නෙ,
රතු කොල රන් රිදී පාට සැරසිලි,🎊️🎈
කේක් සුවඳ පිරුණ සාද විතරක් නෙවේ...🍟️🥙
ඔයා කිසිම කෙනෙක්ට වරදක් නොකර ✝️ සැනසීමෙන් හුස්ම ගන්න එකත්... 😊
හරිම සතුටුදායක නත්තලක්... 🎄
~ විලෝචනා ~
MERRY CHRISTMAS 🎄🎁
❤ කරුණාව, දයාව, සැලකිල්ල යන වචන වල අරුත් මට තේරුම් ගන්න පුලුවන්.
නමුත් ආදරයට හරිම නිර්වචනයක් මම අදටත් දන්නෙ නෑ. ඒ නිසා මං ආදරය කියලා හිතන දේ ඇත්තටම ආදරේද කියන්නවත් මං දන්නෙ නෑ.
මේ ලෝකෙ අනික් හැම මනුස්සයෙක්ටම අඩු වැඩි වශයෙන් මම කරුණාව දයාව සැලකිල්ල දක්වනවා.
ඒත් ඉන් ඉතා ඔබ්බට, විශාල පරතරයක් ඇතිව මං ඔහු කෙරේ කරුණාවක් දයාවක් සැලකිල්ලක් දක්වනවා... මං ඒ සීමාවෙන් එහාට ඇති හැඟීමට තමා ❤ ආදරේ ❤ කියන්නෙ. ඒ නිසාම විහිලුවකටවත් වෙන කිසිම කෙනෙක්ට මං නොකියන, එකම එක්කෙනෙක්ට පමණක් කියන මගෙ ශබ්දකෝෂයේ වටිනම වචන ටික තමා
" මං ඔයාට ආදරෙයි ❤"
කියන වචන ටික... 🤭
මං තුළ පවතින ඒ විශේෂ හැඟීම මම හඳුන ගන්නෙ පුංචි පරාමිති වලින්. සමහර විට මම වැරදි වෙන්න ඇති.... නමුත් මේ මගේ විදිය...
කවදාවත් කිසිම දේක හොඳම හරිය, එයාට නොදී මට ගන්න හිතෙන්නෙ නෑ. රසම පීසා කෑල්ල, ලොකුම චීස් කෑල්ල එයාට ලැබුනෙ ඒකයි. රසම හරිය හොඳම හරිය එයාට දුන්නම තමා මගෙ බඩ පිරුණෙ.
මං කොච්චර වැටුණත් දුක් වුණත් වෙහෙස වුණත් මට ඒ සියල්ල අමතක කරලා පහුවදා අවදි වෙලා අලුතෙන් දවස කාර්‍යක්ෂමව ගෙවන්න පුලුවන්. ඒත් එයාගෙ පේන මානයට දුකක්, වේදනාවක් ,සිත් රිදීමක්, අනතුරක සේයාවක් වත් එනවා කියලා හිතන්නවත් මට බෑ... එහෙම අවස්ථාවකදි කල්තියාම මං එයාගෙ ඉස්සරහින් හිටගන්නෙ ඒකයි.
මට දාහක් ගැටලු ආවත්, මගෙ හිත උත්සහ කරන්නෙ ඉස්සෙල්ලම ඒ හිත නිදහස් කරන්න. ඒ ශරීරයට සැප පහසුව දෙන්න. ඒ අවකාශය පිරිසිදුව පිලිවෙලක් කරලා ලස්සන කරලා දෙන්න. ඒ කුස පුරවන්න. මට දැරිය හැකි මූල්‍යම සීමාවෙ උපරිමයටම එයාට ඕන දේවල් සපයලා දෙන්න... ❤
මට මමත් නැති මොහොතක පවා එයාට 'මං' ඉන්නෙ කොහොමද කියන දේ මට හිතා ගන්න බෑ... 😊 ඒත් මං එක දෙයක් දන්නවා........
" මාතා යථා නියං පුත්‌තං - ආයුසා එක පුත්‌ත මනුරක්‌ඛෙ" ......... මව තම එක ම පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් වූවත් රක්නේ යම් සේද........... එසේ මම සෑම අවස්ථාවකදිම ඔහුව රකිනවා... ❤
~ මාතෘ භාර්‍යා ~
© විලෝචනා
ජීවිතේ
එක් සමයක...
අපි ලෝබයි... ජීවිතේ හැරයන්න..
මේ සම්මුති ලෝකයේ ඇති,
ජීවී, අජීවී සෑම බැඳීමක්ම...
වැල් මුල් පටලවා මෙන්,
අපව හුස්මට බැඳ තබන අපූරුව...
කල් යල් ගෙවෙත්ම...
ඉර හඳ අතර වෙනස දිගු වෙත්ම...
කිසිවෙකුත් කිසිවකුත්...
ඇල්මේ තදින් නොරැඳෙන මොහොතක...
අපි හැමෝගෙන්ම අපේ හිත්...
එක් වතාවක් වත් අසා නැතිද?
තවත් නම් කොතරම් කලක්...
මේ හුස්ම බර අපි අල්ලන් ඉන්නද?
~ විලෝචනා ~
🌊🌬️
මං කැමතියි...
මේ ලෝකෙන් යන දවසට
හිස් තැනක් නොතියා යන්න...
මං නැති අඩුව,
නොදැනෙන විදිහට යන්න...
ජීවත් වන කාලයේ...
කාටවත් බරක් වෙන්නෙත් නැතුව...
කාටවත් නැතුව බැරි අත් වාරුවක් වෙන්නෙත් නැතුව,
කල යුතු යුතුකම් වගකීම්,
මං වෙනුවෙනුත්,
අනුන් වෙනුවෙනුත්...
සීමාවෙන් ඉටු කරලා...
නිහඬව පිටමන් වෙන්න...
කවුරු හෝ මං ගිය බව,
ඉඳ හිටක සිහිකලත්...
හොඳකට හෝ නරකකට,
කාගෙවත් සසර දික් කරන,
මාතෘකාවක් නොවීම යන්න...
මම කාටවත්ම...
පමණට වඩා නොඇලී ඉන්න...
මට කවුරුවත්...
පමණට වඩා බැඳිලා නොඉන්න...
මං කැමති,
හිත් අවකාශයක වත්...
ඉඩක් නොගන්නා...
මානසික පදාර්ථයක් වත්
නොවීම නික්මෙන්න... 🌿
~ විලෝචනා ~
දේශපාලන ඇසකින් නෙවේ...
සාමාන්‍ය මිනිසෙකු ලෙස බැලුවම 😁
අනේ නුඹ සිරියාවයි ලස්සනයි හරිම
ජනාධිපති වුණායින් කවි ලිව්වට හැමෝම 😁
මං නම් වශී වූනේ ඊටත් කලින්ම 😁
ඡන්දෙ වෙනයි මේක වෙනයි එකෙන්ම 🤣
දැන් නම් ලස්සනයි කලින්ටත් වැඩියෙම 😌
හිතේ උන්න Crush එක ජනාධිපති වුණාම 😁
ආර්‍යාවට වගේ දැනෙනවා සතුටක් කුරිරුම
බිම හිටිය නුඹ අරලිය අත්තක වැජඹුනාම
අහසෙ පොළවෙ වගේ පරතරේ වැඩි වුණා තමා බොහොම 😑
ඒත් මොකෝ දැන් අනුරටනෙ රටම 😍
මාත් මේ රටේ නිසා මාත් ඉතිං අනුරටම 😁
වෛර කරනට කිසිවෙකු නැති නම්
මට වෛර කරන්න...
වෛරක්කාරී මිනිසුන් සමග
නොගැටී ගණුදෙනු කරන සැටි...
මම දන්නවා...
ලොව අවසන්ම සගයා මම උවද,
මට ප්‍රේම නොකරන්න...
මන්ද,
අදටත්...
මට ආදරය කරන
සියලුම මිනිසුන් දෙස
මම සැකයෙන් බලනවා...