Pages

Sunday, April 20, 2025

සසර ගණුදෙනු

ඉතිං ආයෙම එන්න වෙන්නැති චාරිකාවක තතු තියා

හඬා නොහඬා දරාගන්නට සසර බිය මේ යැයි කියා

හීන් කැපුමට වැටුණු ලුණු බිඳු වගේ චිත්රූ විය වියා 

එක් හඬක් අපෙ සුසුම් සිර කර සදහටම මැකිලා ගියා 🐾

Monday, March 31, 2025

විහිලුවකින් සීලයක් බිඳ ගන්නවද?

 

🙏🙏🙏 අදත් කෙනෙක්ව රවටන්න හිතන් බොරුවක් කිව්වෙ නැති නම් 😊 ඒතරමට ඔයාගෙ සීලය බලවත් නම් ඔයා ගැනම හදවතින් සතුටු වෙන්න 😊 ඇත්ත කියන මනුස්සයා හරිම ඍජු ප්රියමනාප විශ්වාසවන්ත කෙනෙක්... 😍
විහිලුවට වත් බොරුවක් නොකියන මනුස්සයා හොඳ ප්රතිපත්තියක ඉන්නවා කියලා දැනෙන්න ගද්දි එයා අවට වංචාකාරයින්ට ඉඩක් නෑ. වංචනිකයින්ව සොභාදහමෙන්ම ඔබෙන් දුරස් කරනවා. අවංක අය ගැන ඔබට සංඥා දැනෙන්න ගන්නවා.
කවදා හෝ ඔබ ඇත්ත බලාපොරොත්තු වන තැනකින් ඔබට වංචාවක් සිදු නොවී තියෙන්න නම් ඔබත් පෙර ඒ පරීක්ෂණය සමත් වී තිබිය යුතුයි 😍🌼
ඉතිං මෝඩයගෙ දවස කියල මෝහයෙන්ම හදාගත් අප්රේල් 1 දා... ඒ කියන්නෙ මේ අදත් බොරුවෙන් වැලකුන ඔබට තෙරුවන් සරණයි... 😊🌼 මෙතෙක් සත්යයටම පමණක් ඉඩ දෙන්න බැරි වුණ අය අද ඉඳන් හරි පටන් ගන්න... කලින් මොන අඩුව තිබුණත් වරද හදාගන්න මනුස්සයා ඊට ප්රමාද නෑ. 😍
~ විලෝචනා ~