Pages

Thursday, January 25, 2024

ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැයි කිව්ව, තව කෙටි කලකින් මැරෙනවා කිව්ව අයගෙ ආයුෂ වෙනස් වුණේ කොහොමද?

 

😊 අනාගතය වෙනස් කරන්න සමහර විට එක පැයත් ඇති. ඉපදුණ මොහොතේ කිව්ව අනාවැකි ඒ විදිහටම හරියනවද, වෙනස් වෙනවද කියන එකට ලොකු ලොකුම බලපෑමක් කරන්න පුලුවන් ඉපදුනාට පස්සෙ ගෙව්ව ඉතිරි අවුරුදු 48 තුළ කල දේවල් අනුව.
මට කතාවක් මතක් වුණා.හරියටම කතාව මතක නැති වුණත් මතක විදිහට කියන්නම්.. එක ස්වාමින්වහණ්සේ නමක් දවසක් තම හැකියාවෙන් බලනවා තමන්වහණ්සේ ළඟ සිටින පොඩි නමගෙ අනාගතය. උන්වහණ්සේ දකිනවා එතනදි තව දවස් 3 කින් මේ ස්වාමින්වහණ්සේගෙ ආයුෂ අවසන් වන බව. ඉතිං මේ ස්වාමින්වහණ්සේ අර පොඩි නමට කතා කරලා කියනවා ගොඩ දවසකින් ගිහිකල මව පියා බලන්න ගියෙ නෑනෙ. ගිහිං බලලා සතියක් විතර එහි වැඩ ඉඳලා එන්න කියලා. ඉතිං නායක ස්වාමින්වහණ්සේ කිව්ව දේ අහලා මේ පොඩි නම, ගම් දොර බලා පිටත් වෙනවා...
සතියකට පස්සෙ, මෙන්න අර පොඩි නම කිසි ගැටලුවක් නැතුව පන්සලට වඩිනවා. ලොකු ස්වාමින්වහණ්සේට ඔන්න ගැටලුවක් ආවා කොහොමද තමන් සිය ඥානයෙන් දුටුව දේ වෙනස් වුණේ කියලා. උන් වහණ්සේ නැවත සමවැදිලා බලද්දි හරියටම දකිනවා සිදුවුන දේ.
🌼 දින තුනකින් කෙලවර වෙන්න තිබුණ ආයුෂය දීර්ඝ වෙන පින්කමක් අතරමගදි උන්වහණ්සේ කරලා තිබුණා. ඒ තමා මේ පොඩි ස්වාමින්වහණ්සේ , වතුර වලක දඟලමින් හිටිය කූඹි විශාල ප්රමාණයක් බොහොම ඉවසීමෙන් මෛත්රීයෙන් කරුණාවෙන් තමන් යන ගමනට වන ප්රමාදය ගැන වත් නොසිතා බේරගන්නවා.
මේ කල පුණ්යකර්මයේ ආනිසංසයෙන් කෙළවර වෙන්න තිබුණ ආයුෂය බොහෝ දීර්ඝ වෙලා තිබුණා " තම ඥාණයෙන් බලන මොහොත වන විටත් සකස් වී තිබුන අනාගතය එහෙනම් වෙනස් වුණේ මේ ගමන අතරමගදියි.
ඉතිං මේ කතාවෙන් අපිට අදහසක් ගන්න පුලුවන් පින පව , කුසල් අකුසල් පොඩි කොට සලකලා අහක දාන්න බෑ කියලා. කොයි තරම් ගලේ ගැහුවත් මරන්න බෑ කියන අය ඉපදුන මොහොතේ සිට කල පව් අනුව ආයුෂ අඩු කරගන්නවා. කොයි තරම් අනිවාර්යයෙන් මැරෙනවා කිව්ව අයත් දිවිය තුල මහා පිංකම් කරන් ආයුෂ වැඩි කරන් තියෙනවා.
හැබැයි ඔය මොනා කලත් අන්තිම මොහොතෙ හිතට එන එක අකුසල් සිතිවිල්ලකට පුලුවන් අපිට නරකක් කරන්න. එක හොඳ සිතිවිල්ලකට පුලුවන් පව් කල කෙනෙක් සුගති තලයකට ගෙනියන්න.
බුදු දහමට විශාල මෙහෙවරක් ධර්මාශෝක රජතුමා මරණින් මතු දින ගණනකට හෝ තිරිසන් අපායෙත්, අසදෘශ දානය සංවිධානය කල මල්ලිකාවත් අපායෙ වැටුණයි කියලා අහල ඇති. අපිත් කොච්චර පිං කලත් අපි දන්නෙ නෑ මැරන්න ඔන්න මෙන්න මොහොතෙ මොනවා හිතට එයිද කියලා...
කර්ම විෂය හරිම පුළුල්. අපි මොනාද ඒ ගැන දන්නෙ. ඒ නිසා කෙනෙක්ගෙ හදිසි මරණයක් පිටින් බලලා මනින්නත් අපිට බෑ...
සමහර විට බුදුගුණ සිහිකරමින් ගිය කුමාරයෙක්, සොර මුලකට අසුව මිය ගිහිං දිව්යලෝකෙ ඉපදුනා වගේ, සත්තු මස් කල කුක්කුටමිත්ත වැද්දත් සෝවාන් වුනා වගේ අපි දන්නෙ නෑ කල කම් වලින් කුමක් ඉස්මතු වී කොහේ යන්න ඒ ඒ අය ඉරණම වෙනස් කරගෙන හෝ සකස් කරගෙන තිබුණද කියන්න.
පහු ගිය ටිකේ අපි ඇහුවා ක්ෂණික මරණ ගැන. සමහරුන්ට හිතන්න වෙලාවක් නෑ එතනම මැරිලා. මේ අය කොහෙ ඇතිද, හරි අහිංසකයි ඒ නිසා හොඳ තැනක ඇති, හරි මදාවියා සාපමයි වැදුනෙ අපායෙම තමා, කියල අපිට සහතික දෙන්න බෑ...
මොකද අපිත් තාමත් සසරේ... 😊
මේ කිසිම පුවතකට හිතෙන් බැනලා හිනාවෙලා සාප කරලා හිතට කුණු පුරවගන්න එපා. 🙏
මුගලන් මහරහතණ්වහණ්සේ පිරිණිවන් පෑවෙ සොර මුලක් අතින්... ඒ සොර මුල වෙන කවුරුත් නෙවේ... දුර අතීත භවයක උන්වහණ්සේ සිය බිරිඳගේ කීමට සිය අන්ධ මව්පියන් කැලේකට ගෙනගොස් පොලු වලින් ගසා හොර මුලක් කරන වැඩක් විදිහට පෙන්නලා මරලා දානවා...
මේ පාප කර්මෙ දැකලා... හපොයි මේ අන්ධ මිනිස්සුන්ට මේ විනාසෙ කල එවුන් නම් ඔය විදිහටම තමා මැරිලා යන්න ඕන කියලා සාප කරලා වෛර බැඳගත්ත මිනිස්සු තමා මුගලන් මගරහතන් වහණ්සේ නිවන් දකින භවයෙ සොර මුලක් වෙලා ඇවිත් මහරහතන් වහණ්සේ ඝාතනය කල ආනන්තරීය පාපකර්මය කරන් අවීචියට යන්නෙත්...
ඒ නිසා කවුරු හෝ කෙනෙක් කරන පිනක් දැක බලා අනුමෝදන් වෙනවා වගේම... පවක් දැකලා වෛර බැඳගැනීමත් මොන තරම් තමන්ට බලපානවාද කියලා තේරුම් ගන්න ඕන...
අපිට සිද්ද වෙනවා සම සිතින් ධර්මානුකූලව මේ දේවල් ගැන හිතන්න... හරියට තෙල් එක්ක ජලය මුසු නොවෙනවා වගේ මොන තරම් නරක දැක්කත් ඒවට හොඳ කියන්න හෝ වෛර බඳින්න හෝ නොයා සිත රැකගන්න අපි දක්ශ වෙන්න ඕන 😊
ඔය බැන බැන ඉන්න වෙලාවක මොකක් හෝ ලෙඩකින් අනතුරකින් අත්වැරදීමකින් වෙන කෙනෙක්ගෙ අතින් අපි මරණයට පත් වුණොත් අපිටත් මොකද වෙන්නෙ? වෛරයක් ඔලුවෙ තියන් අපිට හොඳ තැනකට යන්න ලැබෙයිද?
ගිය අය ගියා... අපි කොහෙ යයිද? ඒ අයගෙ ඉරණමට වඩා අපෙ ඉරණම හොඳ වෙයි කියලා සහතික දෙන්න කවුරුත් ඉන්නවද?
ආනන්තරීය පාප කරම 2ක්ම කල දෙව්දත් තෙර අවීචියෙ යන්න කලින් අනාගතයෙ අවීචියෙන් මිදිලා සට්ඨිස්සර නමින් පසේ බුද්ධත්වය ලබනවා කියලා ගෞතම බුදුරජාණන් වහණ්සේගෙන් නියත විවරණ ලැබුවා වගේ අපිට කවුරුත් නිශ්චිත අවසානයක් ගැන කියලා තියෙනවද?
අන්න ඒ ගැන හිතලා හැමතිස්සෙම හිත කරුණාවෙන් මෛත්රීයෙන් හිත ලස්සනට තියාගන්න. හිත පිරිසිදුව තියාගන්න පුහුණු වෙන තරමට අපෙ අවසන් සිතුවිල්ල නරක නොවන තැනට අපිට හිත මෙල්ල කරගන්න පුලුවන් වෙයි 😊🌼🙏

Thursday, January 18, 2024

👉 එක එක කාල වලදි අපිට මෙහෙම වෙන්න පුලුවන්.

 

👉 එක එක කාල වලදි අපිට මෙහෙම වෙන්න පුලුවන්. ඉපදුණ දවසෙ ඉඳලා මැරෙනකල් මේක මේ පිළිවෙලටම යන්නත් පුලුවන්... Shuffle වෙන්නත් පුලුවන්... මේ ඔක්කොම නොවෙන්නත් පුලුවන්, මිට වැඩි වෙන්නත් පුලුවන් 😁
වැඩියෙන් නිදියනවා 😴
වැඩියෙන් කනවා 🍽️
වැඩියෙන් අහනවා 👂
වැඩියෙන් බලනවා 👀
වැඩියෙන් හොයනවා 🔍
වැඩියෙන් ප්රශ්න කරනවා ❓
වැඩියෙන් ඉගෙන ගන්නවා 🔠
වැඩියෙන් දාර්ශනික වෙනවා Φ
වැඩියෙන් පෙනී සිටිනවා🪧
වැඩියෙන් පැහැදිලි කරනවා 📈📊
වැඩියෙන් සැලසුම් කරනවා 📆
වැඩියෙන් උපයනවා 💰
වැඩියෙන් විලාසිතා කරනවා 💇
වැඩියෙන් විශ්වාස කරනව🧎‍♂️
වැඩියෙන් ඇසුරු කරනවා 🧑‍🤝‍🧑👭👫
වැඩියෙන් ඇවිදිනවා🚶‍♀️🧗‍♀️
වැඩියෙන් විනෝද වෙනවා 😅
වැඩියෙන් රැවටෙනවා 🚮
වැඩියෙන් කල කිරෙනවා 😪
වැඩියෙන් දුක් වෙනවා🫠
වැඩියෙන් හිතනවා 🧠
වැඩියෙන් ලියනවා ✍️
වැඩියෙන් ව්යායම කරනවා 🏋️‍♂️
වැඩියෙන් තේරුම් යනවා ✅
වැඩියෙන් අත් හරිනවා 📴
වැඩියෙන් නිදහසේ ඉන්නවා 🧘‍♂️
🌼 මේ දවස් වල ඔයා ඉන්නෙ මින් කොතන වුණත් ජයවේවා! 🥳💃

Wednesday, January 17, 2024

🌼 කාගෙ හරි මිතුරු ලයිස්තුවකට එකතු වෙන්න හෝ එහි රැඳී සිටින්න බාධාවක් වන දේවල්...

 

🌼 කාගෙ හරි මිතුරු ලයිස්තුවකට එකතු වෙන්න හෝ එහි රැඳී සිටින්න බාධාවක් වන දේවල්...
.
1. ඔබේ අනන්යතාව තහවුරු වන අන්දමේ Profile Picture එකක් නොතිබීම - සත්තුන්ගෙ, පරිසරයෙ, සොභාදහමෙ, වාහන වල, වෙන ප්රසිද්ධ චරිත වල දරුවන්ගෙ,හෝ කණ්ඩායම් ඡායාරූප, බොහෝ විට දෙදෙනෙක් සිටින ඡායාරූපයක් වුණත් තිබීම ඔබව Friend List එකට add කරගන්න කෙනෙක්ට ඔබ කවුදැයි හරියට තෝරාගැනීමෙදී ප්රශ්නයක්.
2. ඔබේ නම සහ ගැහැණු පිරිමි භාවය පැහැදිලිව නොතිබීම. නම වෙනුවට වෙන වැකි මාතෘකා යොදා තිබීම, එක ගිණුමක දෙදෙනෙක්ගෙ නම් තිබීම, පිරිමි ගිණුමක ගැහැණු රූපයකින් පෙනී සිටීම හා ඊට නොගැලපෙන පරිදි ගෑණු පිරිමි භාවය යොදා තිබීම.
3. Friend Request එකක් යවන මොහොතේදී profile එක lock කර තිබීම හෝ ඔබව හඳුනාගැනීමට ප්රමාණවත් තරම් තොරතුරු ඡායාරූප නොතිබීම, පැරණි post හෝ wall එකේ ඔබේ Activities කිසිවක් නොතිබීම
4. මිතුරු ලයිස්තුවට එකතු වුවද රැඳෙන්න නොහැකි වීමට හේතු කීපයකි... හඳුනාගැනීමට ටික කාලයක් හෝ ඉඩ නොදී අනෙකාට බාධා වන පරිදි දිගින් දිගට දුරකථන ඇමතුම් ගැනීම, දිගින් දිගට පණිවිඩ එවීම, හිංසාකාරි ප්රතිචාර පල කිරීම.
🌼 මේ Facebook අවකාශය තුළ ඔබේ සහෝදරයා සහෝදරිය මව පියා පෙම්වතා පෙම්වතිය කවුරු වුණත් ඉන්න පුලුවන්... ඔබේ නොවුනත් ඔවුන් කාගෙ හෝ ගෞරවනීය බැඳීමක් ඇති අයෙක්... ඒ බැඳීම් වලට ගෞරව කරන තාක් ඔබටද ඔබේ බැඳීම් වලටද සොබාදහමෙන් පෙරලා ගෞරවය ආරක්ශාව හිමිවනු ඇත. Message එකක් Call එකක් comment එකක් අඩුම තරමෙ Ha Ha වගේ reaction එකක් දාන්න කලින් 😊 හොඳට හිතන්න... මං මේක කරන්නම ඕනද කියලා...
🌼 ඔබ කරන හැමදේම නිර්වචනය කරන්නෙ ඔබව... 🌼 ඔබ නියෝජනය කරන්නෙ ඔබව... ඔබේ සහෝදරයා සහෝදරියව... ඔබේ පවුල... ඔබේ පාසල, ඔබේ නගරය, රට ... සමහර විට ඔබේ ආගම ජාතිය...
😍 ඉතිං පිරිමි ළමයෙක් වුණත් ගෑණු ළමයෙක් වුණත් ... අභිමානෙන් ඉන්න... කාටවත් හිංසා නොකර අවශ්ය තැනදි සුභ පතලා හොඳ දෙයක් නම් ලස්සනට ප්රතිචාර දක්වලා අනවශ්ය නම් එතැනදි මගඇරලා යන්න...
ඔයා ඔයාව ලස්සනට ලෝකෙට පෙන්නන්න... ඔයා... ඔයා වෙනුවෙන්ම අභිමානෙන් ඉන්න 😍