Pages

Tuesday, March 14, 2023

😍 නිර්මාංශ කෙනෙක්ට හිත පිරෙන්න කන්න බැරිද?

 

ඒකට අපිටම එක එක ක්රම හොයාගන්න වෙනවා. කෑම එකට ප්රෝටීන් වැඩි ධාන්ය වලින් ගෙදරදිම හදාගත්ත Vege Sausage එකක් කට්ලට් එකක් වගේ එකතු කරනවා මම නම් 😊 Youtube එකේ බලන්න දැන් ඕනම කෑමක් හදන එක එක විදි තියෙනවා.
හැමදාම එකම රසට හදන්නෙ නැතුව එක එක recipes try කරනවා. රස වගේම කෑම ඇසටත් ප්රිය වෙනවා නම් මම කැමතියි. ඉතිං හැකි විදිහට රස ගුණ වගේම පාටත් ගලපනවා. එතකොට Husband වුණත් කෑම කන්නෙ හරිම ආසාවෙන්. මේ photo වල තියෙන්නෙ මම එයාට හදපු කෑම 😍
පුලුවන් නම් ගෙදරදිම සතියකට සැරයක් හරි මෙහෙම හදන්න බලන්න. කඩෙන් කනවට වඩා පිරිසිදුවට අඩු වියදමින් රසට බඩ පිරෙන්න කන්න පුලුවන්.
ඔයා ගෑණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් විවාහක අවිවාහක කොහොම ඉන්න කොයි වයසෙ කෙනෙක් වුණත් ඔයාම හදාගන්න රස කෑමකට පුලුවන් ඔයාගෙ mood එක fix කරන්න. එක බතක් සම්බෝලයක් හරි ලස්සනට පිළිවෙලට හදලා කන්න බලන්න.
කෑම හදන එක වදයක් කර ගන්නෙ නැතුව කැමැත්තෙන් කරද්දි කෑමත් රස වෙනවා. හුරු වෙද්දි පැයක් හෝ ඊට අඩු කාලෙකදි කෑම වේලක් හදාගන්නත් හැකි වෙනවා. වෙනස් කඩචෝරුවක් ගෙදරම හැදුවම නිර්මාංශද කියලා නෑ රසට කන්න පුලුවන්.

Thursday, March 2, 2023

🌼 ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය සියල්ල, අපට අවශ්‍ය නොවන්නට පුලුවන්.

🌼 ඔබේ ජීවිතයේ ඔබට අවශ්ය සියල්ල, අපට අවශ්ය නොවන්නට පුලුවන්.
ඔබට අපව දැකීමට අවශ්ය විදිහට අප ජීවත් නොවන්නට පුලුවන්.
ඔබ 👉 ආහාර ගන්නා රටාව, විලාසිතා කරන ආකාරය, විනෝද වන රටාව, සමාජ සබඳතා පවත්වන ආකාරය, ආර්ථික කළමණාකරණය සහ පරිභෝජන රටාව, පවුල යන ඒකකය හැඩගසාගන්නා ආකාරය, වත්කම් සම්බන්ඳව කටයුතු කරන ආකාරය, ඔබේ ආගමික, සමාජයීය, දේශපාලනික මත, ඔබේ ප්රතිපත්ති යනාදීන්ට වඩා අපේ දෑ වෙනස් වෙන්න පුලුවන්.
අපට ඔබව වෙනස් කිරීමට අවශ්ය නැත. අප ඔබට බාධාවක් හෝ බරක් වන්නේද නැත.
එබැවින් කාරුණිකව, ඔබ ද අපව වෙනස් කිරීමට උත්සහ නොකරන්න 😊
© විලෝචනා
No photo description available.