Pages

Monday, February 7, 2022

අහංකාරකම් වගේ නොවැදගත් හැඟීම් වලට ඒ වටිනා උත්සහය විනාශ කරන්න ඉඩ දෙන්න එපා !!!

 

🌼 100% ක් කිසිම කෙනෙක් සම්පූර්ණ නෑ. හැමෝගෙම අඩු පාඩු තියෙනවා. හැමෝම ප්රශ්න වලින් පීඩා විඳින අවස්ථා එනවා.
අපි කොයි කා එක්ක වුණත් තවත් කෙනෙක්ට කිසිම ප්රශ්නයක් නැතුව ඉන්න අමාරුයි. එකම පවුලේ වුණත් එකිනෙකා සෑහෙන්න වෙනස්. යශෝධරාව අරහත් ඵලය ලබන විට ඇගේම සොයුරා දේවදත්ත තෙර නිරයගාමී වුණා. එකම වගේ ගුණවත් අය හොයාගන්න පහසු නෑ. ඒ නිසා අපිට අඩුපාඩු පිළි අරන් මේ පිරිස අතරෙම ජීවත් වෙන්න වෙනවා.
ඔබ හොඳම හොඳයි කියන අයටත් අකමැති අය වෛර කරන අය ඉන්නවා. ඔබ අකමැතිම කෙනෙක්ටත් ගොඩක් ලෙංගතු අය ඉන්නවා.
කැමති අකමැති දේවල්, අධ්යාපනය, පවුල් හා සමාජ පසුබිම, ආර්ථික මට්ටම්, සංස්කෘතිය, අත්දැකිම්, හැකියාවන්, ලැබෙන ආදරය රැකවරණය වගේ හැමදේම වෙනස් වෙද්දි ටික ටික මිනිස්සුන්ගෙ අදහස් වල අසමානතා ඇති වෙනවා.
මේ වෙනස්කම් අසමානකම් සියල්ලම විඳ දරාගෙන තව කෙනෙක් ඔබව කෙසේ හෝ අවබෝධ කරගෙන ඔබ එක්ක රැඳෙන්න උත්සහ කරනවා නම්, ඔබේ ආඩම්බර කම් අහංකාරකම් වගේ නොවැදගත් හැඟීම් වලට ඒ වටිනා උත්සහය විනාශ කරන්න ඉ

ඩ දෙන්න එපා 😊

Friday, February 4, 2022

කිව්ව දේ ගැන ඔබ තෘප්තිමත්ද?

 

🌼 ඊයෙ ඔබට හමුවන කෙනෙක් අද මිය ගිහිං නම් ඔබට මතක් වෙයි අන්තිමට ඒ කෙනාට ඔබ ප්රතිචාර දක්වපු හැටි.
ඒ අවස්ථාව මතක් වෙද්දි තමන් ගැනම තෘප්තිමත් වෙන්න පුලුවන් නම් පසුතැවෙන්න දෙයක් ඔබෙන් වෙලා නැති නම් අන්න ඒ වගේ ක්රියාකරන එකයි හොඳ.
" අනේ මම අන්තිමට එයාගෙ හිත රිද්දුවා, යුතුකම් ඉටු වුණෙ නෑ. අපරාදෙ එහෙම කිව්වෙ. අපරාදෙ මට එක පාරක් හොඳින් කල්පනා කරලා කටයුතු කරන්න තිබුණා. "
ඔන්න ඔහොම දෙයක් වුණාට පස්සෙ හිතනවට වඩා අපි හෙට මැරෙයිද දන්නෙ නෑ කියලා අද දවසෙ හොඳින් ඉන්න බලන එක ලොකු සැනසීමක් වේවි.
දෙමව්පියන්ට සහෝදරයින්ට නෑයින්ට, මිතුරන්ට පමණක් නෙවේ අහිතවත් ව ඉන්න අයටත්, එදිනෙදා ඔබට ඇස ගැටෙන කා හමුවේ වුණත් ඒ වගේ හිතලා වැඩ කලොත් ජීවිතේ ලස්සන වෙයි.
කෙනෙක් මැරුණට පස්සෙ කොච්චර මොනවා හොඳ කිව්වත් වැඩක් නෑ. ඉන්න කාලෙ ඔබ සලකන විදිහයි වටින්නෙ.
වෛරය පළිගැනීම ඉරිසියාව මාන්නය පසෙක තියලා සන්සුන්ව සුදුසු විදිහට සබඳතා පවත්වන්න පුලුවන් නම් බොහොම වටිනවා.