Pages

Wednesday, October 13, 2021

🌼😊 සමහර දේවල් හරිම සුන්දරයි

ගණන් ගන්නෙ නැතුව වත්තෙ එහෙ මෙහෙ අව්වට වේලි වේලි වැස්සට තමි තෙමී තිබුණ දර ටිකක් එකතු කරලා ගාණට කපා ගත්තා...


එයින් දර ටිකක් අරන් මැටි ලිපේ තියලා අද වතුර රත් කරගත්තෙ... ගෑස් ප්රශ්නයක් වෙලා තියෙන කාලෙක මේක ඒකටත් විසඳුමක්. නාගරික ජීවිතයට හුරු වුණ ගොඩක් අයට මේක නුහුරුයි තමා. මටත් අම්මා එපා එපා කියද්දිත් නිකමට අත් හදාබලන්න ලිපක් අරන් ආවෙ. ආසාවට 😊

ඉතිං... එකතු කල දර ටිකක් මැටි ලිපට දාලා වතුර හැලියක් රත්කරගත්තා... ඒ වතුර ටිකෙන් නෑවම, ව්යායාම කරපු ඇඟට පුදුම සැනසීමක් දැණුනා... 😍 ගෑස් වලින් හෝ heater එකෙන් රත් කල වතුර ටිකට වඩා අමුතු මිහිරියාවක් ඒ වතුරෙ තිබුණා... දුම් සැර ටිකක් වැදුණට මොකද 😊 වතුර ටික නම් හරි සනීපයි...



Sunday, October 10, 2021

❤ .....................෴ හැඟීම් ෴ ....................... ❤

 අපි මිනිස්සු.අපිට විවිධාකර හැඟීම් තියෙනවා.ඒවා හොඳ හැඟිම් සහ නරක හැඟීම් කියලා ප්රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.අපි නරක හැඟීම් අමතක කරලා හොඳ හැඟීම් ගැන හිතලා බලමු.ඒ කියන්නේ කිසි කෙනෙක්ට කරදරයක් නොවන පවකට මුලක් පාදන්නෙ නැති හැඟීම් ගැන.මිනිස්සු ගොඩක් කැමතිම හැඟීමක් තමයි ආදරේ කියන්නෙ.ආදරේට නිර්වචන ගොඩක් ඇති.ඒත් ඇත්තටම ආදරේ මොකද්ද කියන්න ගොඩක් අය දන්නෙ නෑ .

.
ආදරේ කියන හැඟීම හැඟීම් ගොඩක එකතුවක්.දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල වගේ හැඟීම් ගොඩක් ආදරේ කියන හැඟීම ගොඩ නැගෙන්න ඕන කරනවා.
.
"මට එයාව නිතරම මතක් වෙනවා...මට එයාව බලන්න ආසයි ...කතා කරන්න ආසයි ...එයා එක්කම ඉන්න ඕන.එයා දිහා බලන් හිටියත් මට ඇති...අනේ එයත් මාව බලන්න එනවා නම් ..."
.
අපි ආදරේ කරන්න ගියාම නිතරම හිතෙන දේවල් තමයි ඒ.ඒත් චුට්ටක් හිතන්න ආත්මාර්ථය නොගෑවිච්ච එක වාක්යයක් මෙතන තියෙනවද කියලා.අපි ආදරය කියලා රැවටෙන්නෙ අපේ ආසාවල් වලට."ආදරේ කියලා හිතෙන්න" මේවා උදව් වෙනවා ඇති... ඒත් "ආදරේ කරනවා" කියන්නෙ වෙනම දෙයක්.ඒක හිතලා ඉවර කරන්න බෑ.අපි ආදරේ කියලා හිතන් ඉන්න මේ වගේ ආදරේකින් තමන්ට වැඩකුත් නෑ . අනික් කෙනාට වැඩකුත් නෑ .මේ කියන ආදරෙන් ඇත්තටම තමන්ට සතුටු වෙන්න බෑ ...ආදරේකින් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ උඩ තිබ්බ වාක්ය ටිකට දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල, කියන හැඟීම් ටිකත් එකතුවුණාමයි.
.
අම්මට තාත්තට ආදරෙයි කියන ඔයාට පුළුවන් උනානම් එයාලගේ උපන් දිනේ දවසට එයාලට තෑග්ගක් දෙන්න ... ඇත්තටම ඔයා එයාලට ආදරෙයි. "මම ජොබ් එකක් කරනවද ?තෑගි දෙන්න බැරියැ ජොබ් එකක් කරන කාලෙක." ගෑනු ළමයට පිරිමි ළමයට කතා කරන්න සල්ලි අනන්ත වියදම් කරද්දි,යාළුවො එක්ක එකතු වෙලා බොද්දි,ස්මාර්ට් ෆෝන් ගද්දි තමන් ජොබ් එකක් කරන්නෑ කියලා අමතකයි.දවසකට රු.2.00 ගානෙ එකතු කලා නම් අවුරුද්දට රු.730 ක් එකතු වෙනවා. මම හිතන්නෙ නෑ රු.730 කට තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වෙයි කියලා.ඇත්ත ආදරේදී අපි කැප කිරීම් කරනවා.කැප කිරීමෙන් ඉතිරි කරන කීයෙන් හරි ආදරේ කරන කෙනෙක්ට දෙයක් දීලා ලැබෙන සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ . හැමදාම කීය කීය හරි දාලා ගෑණු ළමයට පිරිමි ළමයට කතා කරන වෙලේ ඒ මුදලින් වැදගත් යමක් කරන්න සැළසුම් කරන්න.
.
(අපෙ අම්මි අප්පච්චිගෙ උපන් දින දවසට මම අදටත් ගෙදර බැලුන් එල්ලලා සරසනවා.පුංචි කේක් එකක් ගෙනත් සාලෙ මැද්දෙ තියලා පහල ගෙදර පුංචිලාට එන්න කියලා කේක් කපලා තේ පැන් සංග්රහයකුත් කරනවා.අන්තිමට ලස්සනට ඔතපු මොනවා හරි පුංචි තෑග්ගක් ඔක්කොම ඉස්සරහ අතට දෙනවා . ඒ වෙලාවට ඒ මූණෙ තියෙන ආඩම්බරෙයි සතුටයි මට ජොබ් එකක් කරන කාලෙක විසි තිස් දාහක් වියදම් කරලා වත් දෙන්න බෑ.ඔයා කවදාහරි මෙහෙම කරලා තියෙනවාද?තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ??? ඔව් ඔයා එහෙනම් එයාට ඇත්තටම ආදරෙයි)
.
මේ දීපු උදාහරනෙ ගැනම නොහිතා විවිධ අවස්ථා සහ පුද්ගලයන් සම්බන්ධව මේ අදහස යොදලා බලන්න.එවිට ආදරේ මොකද්ද කියලා ඇත්තටම දැනෙයි.අතට හම්බ වෙන කීය හරි නාස්ති නොකර මේ වගේ සතුටක් ලබාගන්න උත්සහ කරන්න...
.
යුතුකම් ඉෂ්ඨ කිරීම,දයාව,අනුකම්පාව,කලගුණ සැලකීම වගේ හැඟීම් නැත්තන් ඒ වගේ මනුස්යෙක්ගෙ හිතේ තියන ආදරේ හුදෙක් එක ආත්මාර්තකාමී හැඟීමක් විතරයි ...
.
෴ .ලෝචි . ෴ Au0gust 24S5,6ptn 2sa0ef15 
Shared with Only me