😊 ආපිට කිසිවක් බලාපොරොත්තු නොවී, සිදු කරන සෑම ක්‍රියාවක්ම, යහපත් සිතින් යුතුව සිදු කරන්න... එවිට ඔබ කිසි දිනක බලාපොරොත්තු කඩවීමකට හෝ කලකිරීමකට පත් නොවේවි...
.
ප්‍රතිලාභ හෝ යම් දෙයක් ආපිට බලාපොරොත්තුවෙන් සිදු කරන්නට යෑමෙන්, බලාපොරොත්තු වූ දේ නොලැබිම නිසා අපි කණගාටුවට පත්වෙනවා. කල පින නිසා ඇතිවන කුසල් සිත් වලට වුණත් ඒහේතුවෙන් හානි වෙනවා.
සිදු කල සෑම පිනක්ම පහන් සිතින් නැවත දැක බලා සතුටු වන්න. එයින් කල පින නැවත නැවත මතක් වන නිසා කුසල් සිත් පහල වේ...
කල අකුසල කර්ම ගැන මතක් කිරීමෙන් නැවත නැවත ඒ අකුසල් සිත් පහල වෙනවා. දුක වේදනාව ඇති වෙනවා.
කල කුසල කර්ම ගැන වුනත්, පස්සෙ ලෝභ සිත් ඇතිව, කලකිරීමෙන්, දුකෙන් හෝ යම් ක්‍රෝධ සිතිවිල්ලකින් පසු වුව හොත් කල පින කුසලය සම්පූර්ණ නොවෙන්න පුලුවන්... මහත්ඵල මහානිසංස නොවෙන්න පුලුවන්.
.
සමහර අවස්ථා වල අපි unseen එකෙන් කොච්චර මොන දේ හොඳ හිතින් කලත්, නරක ප්‍රතිචාර, ලැබුණ වෙලාවල් සිය ගාණක් ඇති. සමහර අයට අවශ්‍යතාව කොච්චර තිබ්බත් ලැබෙන දේ ගැන මැදිහත් ව හිතන්නෙ නෑ. ආඩම්බරෙන් පසුවෙනවා මූණෙ හිනාවක් වත් නෑ. සමහර අයට එක් වතාවක් දුන්නම දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා. සමහර අය දුන්න දේ මදි හිතලා, "දෙන දෙයක් ඉක්මණට දීලා යන්න" කියලත් කියලා තියෙනවා.
මෙතනදි අපි හොඳට මතකේ තියාගන්න ඕන ගොඩක් වෙලාවට අපි උදව් කරන්නෙ මානසිකව, ශාරීරිකව වගේම සමාජයීය වශයෙන් බොහෝ තාඩන පීඩන වලට ලක් වෙච්ච අසරණ අයට කියලා. ඒ නිසා ඒ වගේ අයගෙන් හිනාවක්, ස්තූතියක් වත් බලාපොරොත්තු නොවන තරමට අපට පහසුයි.
.
මං හැම කෙනෙක්ටම කියන්නෙ, හොඳ දෙයක් කල පසු ඒ පිළිබඳව යහපත් සිතින්ම පසුවෙන්න. කල නරක වැරදි දේවල් මතක් කරන්න එපා. හොඳ දෙයක් කලාම වුණත් මූණ දෙන්න වුන නරක අත්දැකීම් නිසා දුක් වෙන්න අමනාප වෙන්න, ඒ සිදුවීම් දිගේ හිත හිත කණගාටුවට පත් වෙන්න එපා. 😊
ඔබ ලබා දෙන ශ්‍රමය, ධනය, දැනුම, හිත සතුටින් දානයක් වශයෙන් කාට හරි දුන්නා කියන තැන හිත පිහිටවලා හිත පහන්ව පිරිසිදුව සතුටින් තබාගන්න...
.
~ විලෝචනා ~