වත රන් වන් පැහැ වැටිච්ච,
ගත උස අඩි හයක් වෙච්ච,
ඉලන්දාරියෙක් ඉන්නවා,
දන්න හඳුනනා... 😍
.
මුනිවත අඩුවෙන් බිඳිච්ච,
හුරතලයත් අඩු නොවෙච්ච,
පදමට ආ කිරි දොදොලකි,
අඩුවක් නැතුවා 😂
.
ගිටාරයට නිවනක් නැති,
ස්වරැඟිලි තුඩු පොර අල්ලති,
සංගීතෙට කොයි කවදත්,
ඔහු හරි රුසියා... 😍
.
සිල් පද එකකුදු නොබිඳින,
තුන් දොර මොනවට සංවර,
ගිහිගෙයි හිඳිනා තපසෙකි,
එතරම් නිවිලා... 🧘🤣👌
.
විශ්වයටම සහනය වන,
නමෙන් පවා ගති පවසන,
ඔහු සම උපමාවක් නෑ,
මට නම් ලැබිලා... 🤷
.
දාංගලේ මට තිබ්බට,
තොරක් නැතුව දෙඩෙව්වාට,
සිතන්නෙ ඔහු මං ඔහුටම,
මැව්වැයි කියලා... 😂
.
පෙම වස්සන අස්වස්සන,
ඒ ලස්සන ගුණ වැස්සම,
එක දවසක් හිමි වෙන්නත්,
පින නම් ඕනා... 😁
.
සින්නක්කර ලියා ගන්න,
බාල්දි හරහට නොදැම්ම,
නැන්දම්මට ඒ පින ඇති,
කල්ප රැසකටා... 😁
.
© විලෝචනා අබේකෝන්