Pages

Monday, February 17, 2020

❤️ පති කුලය 😍


තේක්ක කොල වැටී ගෙමිදුල සතරතට 😒
නේක්ක අත පුරෝදා මා සම උසට 😲
රේක්ක ගගහා ඇද්දෙන් රොඩු හිමිදිරට 🤦
සේක්ක වැඩිය දැන් සිරි කත පතිකුලට 😍
.
අක්කර දෙකම යායට කල එලි වීලා 😍
එක්කර සිරියාව අස්වනු සරු වීලා 😘
තප්පර කටුව නැවතුණ යලි කැරකීලා 
අම්මගේ හිතේ ලේලිගෙ පින පළදීලා 😁
.
ඉර හැංගියන් අප්පච්චිට වෙහෙස දැනෙයි 😒
අව් සැර වැදී දාහෙන් ගත තෙමී වැසෙයි 😥
සුළඟේ සැර නොවන් අම්මට සීරු නොවෙයි 😔
අතුගෑ වගක් නොවනා සේ කොල ඉහිරෙයි 🙄
.
ගත සවිවෙයන් අප්පච්චිට හව් හරණ 🙏
රුව ඔප වෙයන් අම්මට ලේලිගෙ වරුණ 😁
හිත සවිවෙයන් නෑ සියොනට වී අරුණ 🤩
හද ඉපිළියන් එයමය ඔහු පැතු කරුණ 😍
.
හිත ගත සවි බොහෝ ඇත ඔහු දෙගුරුන්ගේ
එක් පුතු කෙරේ ස්නේහෙන් වෙහෙසෙනා අගේ
නැහැ කිසි වෙනස ලේලිට සිය ලෙයට වගේ
මිහිපිට දෙව් විමන ලැබුණේ පිනට මගේ ❤️
.
© විලෝචනා අබේකෝන්