Pages

Tuesday, January 21, 2020

❤️ "හයිකු කවිය" ❤️

රෙංකුවක,
හොක්කුවක් සේ දිසි මුත්,
කිරෙජි, ඔන්, කිගො,
තෙයිකෙයි නීති පරදා,
ජියුරිත්සු හැඩයෙන්,
එක් සොඳුරු සන්ධ්යාවක,
මා සිත ඒකාග්ර කරවමින්,
අනිච්ඡානුගවම ලියවුණු...
"හයිකු කවියකි"
❤️ නුඹ ❤️
.
© විලෝචනා අබේකෝන්

Sunday, January 19, 2020

❤️ පරමාදර්ශී චරිත❤️

❤️ දෙවිවරු ඇත මිහිපිට 🙏 තවෙකෙකුගේ දෙයක් තමන්ගේ මෙන් සලකා උපකාර කර ආපිට කිසිදු කිසිවක් බලාපොරොත්තු නොවන. මා එවන් පිරිසක් ලබන්නට ඉතා වාසනාවන්තය. 🙏
.
මේ සමඟ මගෙ මතකයට නැගෙන්නේ ගොපළු චිත්රපට (Western Genre) වල එන වීරයා හෙවත් පරමාදර්ශී චරිතය. කොහේදෝ සිට පැමිණෙන නමක් ගමක් නොදන්න පුද්ගලයෙක් ආගන්තුක පරිසරයක පිරිසක් අතරට පැමිණ සියලුම ගැටළු නිරාකරණය කර කිසිවක්ම නොකියා පිටව යන ❤️
.
පහුගිය කාලය පුරාම මට එහෙම අය බොහෝ සේ අඳුනගන්න ලැබුණා. ඒ අයව මම දැක්කේ ඒ cow boy චිත්රපට වල පරමාදර්ශී චරිත වගේමයි...
.
"ඔහු සෑම විටම ජයග්රාහකයෙකි. ඔහු සෑම විටම තමා තුල සිටින මිනිසා දිනවයි. සටනකින් ජය ලැබූ වහාම ඔහු තම අසුපිට නැගී ඉර බසින දිශාවට මුහුණ ලා පිටව යයි"
.
© විලෝචනා අබේකෝන්