Pages

Saturday, June 29, 2019

...::: ඇති දැන් :::....

😘 එහෙනම් එහෙමයි ආහ්???
.
ඇල දොලක් කන්දක් මිසක්
මගෙ හිතේ නෑ වෙන කිසි දෙයක්...
තරහටත් නෑ ඉඩක් කියු දේ
කීවෙ මුණට නෑ දුකක්
නුඹ වෙනස් මං වෙනස් කිසි ලෙස
වෙලා නෑ එය මහ ලෙඩක්
මූණ එල්ලන් හිටිය ඔය ඇති
හිනාවෙනවකො දැන් ටිකක්
.
උසම අත්තක තිබුණු මල් ටික
කඩන්නට නුඹ දඟලලා
මල් ඔටුන්නට හොඳම පැහැයෙන්
මල් කිනිති හෙම ගලපලා
නටන දඟලන මං දිහා
දිගු සුසුම් හෙලමින් බල බලා
ඔයා නම් මට හීනයක් යැයි
කීවෙ ඇස් දෙක පියවලා
.
මුමුණමින් ගී ඔහේ සරණා
පිස්සු කෙල්ලකි මං මෙදා
බරක් හිත නෑ ගිටාරය ඇති තෙක්
හිඳින්නෙමි එය බදා
ආදරෙයි නොකියා කියා හද
ඉඳියි මාගේ තව නිදා
මුහුණු පොත පාලුයි මගේ යලි
මතුවෙයන් කෝ වලි නොදා 😂
.
අහස නුඹ මං පොළව වැසි වස්සවන්
ලං වෙන්නට කියා
සර්ව පිත්තල ලෝකයේ නුඹ හිර වෙලා මිල්ලෙම සොයා
මොහොතකදි මං හමු වෙලා
ලත් සැනසුමේ වරුණා කියා
වටේ උන් ගැන ඉරිසියාවට
කියයි තනි වෙන්නට කියා
.
"ඕන හිතකට හිතෙයි නුඹ ගැන ආදරේ
නුඹ හැඩ නිසා
නුබේ දඟ හුරතල් සැහැල්ලුව කොයි හිතත් සසලන නිසා
ඒත් මට බෑ දරන්නට එය හිතම
නුඹ ගැන ලොබ නිසා"
අයියෙ නුඹ මට එහෙම කිව්වම
දුකයි ආදරෙ වැඩි නිසා...
.
ඊයෙ දුටු මොහොතේ පටන්
මට වුණත් හිත නෑ සහනයක්
ඔරොප්පුවටම කතා කෙරුවට
ගලක් නොව මේකත් හිතක්
සුදෝ සුදු මුව කලු වෙලා යයි
තරහ තිබුණොත් තව ටිකක්
අයියෙ ඇති දැන් තරහ දැක්කා
දාපන්කො Request එකක් 😂😂😂

Tuesday, June 25, 2019

...::: උඹ එනවද අප්පච්චී ආයෙත් තනිකම මකන්න :::...

❤️
සිදාදියට එක්ක ගිහින්
පෙන්නන දේ අරන් දෙන්න
මං ලවාම නා ගෙන විත්
කොලොන් ඇඟේ තවර ගන්න
අඳින අඳින හැම ඇඳුමම
මට කියලා හෝදගන්න
උඹ එනවද අප්පච්චී
ආයෙත් තනිකම මකන්න
.
අවුරුදු තුනකට උඩදී
උඹ හිටියේ රජෙක් විලස
පින්වතුන්ට මනු ලෝකෙ
කවදත් නොවුනද ආයුස
මට නොකියා මගෙ යහනෙම
උඹ මෙලොවින් ගිය එවිලස
මේ යහනේ බෝ හනිකට
මියැදෙන්නයි මමත් ආස
.
© විලෝචනා අබේකෝන්

Friday, June 7, 2019

Inside the Hospital


Sometimes you walk in & out...
Wearing a stethoscope 
I wonder why ???
An Engineer keeps a steth with him 
Once ... You came out,
And took a blood sample... 
Lift opens [llll 👦 llll]
දෙයියනේ... 😍
You appear & Just vanished 
Now you are driving a trolley 
Oh my god!
You are on the trolley 
I don't know why...
All the Doctors, Nurses, Attendants & Patients look like you 
Inside the Hospital 
.
इक तुम्हें चाहने के अलावा
और कुछ हमसे होगा नहीं


Tuesday, June 4, 2019

...::: තත් සය :::...

'💛

මිනී මැරුමක්ද, 
සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක්ද,
මා තුළ, 
උඹේ ඉරණම කුමක් වුව,
අවසන මරණයමය...
එදිනත්, 
උඹ මිහිදන් කොට, 
මම තත් සයකට පෙම් බඳිනු ඇත... 

© විලෝචනා අබේකෝන්'

💛

මිනී මැරුමක්ද,
සාවද්ය මනුශ්ය ඝාතනයක්ද,
මා තුළ,
උඹේ ඉරණම කුමක් වුව,
අවසන මරණයමය...
එදිනත්,
උඹ මිහිදන් කොට,
මම තත් සයකට පෙම් බඳිනු ඇත...

© විලෝචනා අබේකෝන්

...::: කෙල්ල :::...

Vilochana Abeykoon's photo.

.
මුදු අත් දෙපා හිස තාලෙට සොලවන්නී
මං සොය සොයා උඩු මහලට පිය මැන්නී
තුරුලට ගත් සැනින් රස්නෙට දොයියන්නී
මෙච්චර ආදරේ ඇයි පුංචිට දෝණී
.
මං නැති දාට වුව මා දැකගනුව නියා
ඇය විත් බලයි කුටියේ ඉන්නවද කියා
මං නැති වුණත් උපාධි පින්තූරෙ සොයා
සතුටින් ඉපිලේවී ඈ මල් හතයි කියා
.
අද මං වැඩ කන්දෙ හිරවී ඉවත බලා
ඇය ආ නමුත් හිටියෙමි තුරුලකට නොලා
ගියමුත් දොරෙන් එළියට ඈ නිහඬ වෙලා
හැඬුවා පෙරළි පෙරළී බෝ කඳුලු සලා
.
සැනකින් දිව ගියෙමි ඇය තුරුලට ගනුව
ගත් සැනෙකින්ම දෑතින් බැදුවා මාව
අර දුක් කඳුලු කොහෙන් ගියාවද ඉනුව
මේ උණුහුමද ඔසු පැන නුඹෙ දුක නිව්ව
.
© විලෝචනා අබේකෝන්