Pages

Sunday, February 24, 2019

...::: මට නොගැයූ ගීය :::...


මට නොගැයූ ඒ ගීයට
තාමත් හිත රිද්දයි මට
ඇහෙන ඇහෙන හැම වාරෙට
මට නෙවෙයිනෙ හිතෙනව මට...
.
ලස්සන ගී පද වැල් වල
එකිනෙක බැඳි තනු ස්වර වල
සුන්දර නැති හැඟුමන් වල
ගීය මගෙන් නුඹ වෙන් කල...

Monday, February 18, 2019

මං උඹව හොයනවා


ඊට කලින් කිසිම අවුලක් නෑ...
ඒත්,
උඹ හම්ඹුන දවසෙ ඉඳලා ...
රෑ දවල් අව්වේ වැස්සේ ...
වෙනසක් නෑ ...
මං උඹව හොයනවා ... 

Sunday, February 3, 2019

කිසිවක් නැත, මා සතුව


පරිපීඩිත වෙහෙසකර ජීවිතයක,
අසීරු මොහොතක,
තත්පරෙන් තත්පරේ,
ආදරයම හඹා එන,
නුඹට,
දෙන්නැයි කියා,
කිසිවක් නැත,
මා සතුව,
වේදනාවම මිස..