මුල් දවස් ටිකේ හරිම ෂෝක් ... තේකයි බත් එකයි වගේ ඕනෑම ration එකක් කාමරේටම ලැබෙනවා ... හරිම සන්තෝසයි ! මුළු නිවාඩුව පුරාම කාමරේ ෆිල්ම් හෝල් එකක් වගේ! ඒත් ටික දවසක් යද්දි ...
.
අම්මි - චූටි දුව මේ තේක අරන් යනවා ... (දෙපාරක් තුන් පාරක් මෙහෙම කියලා කියන ස්වරේ ටික ටික උච්ච වෙලා අති උච්ච උනාම තමයි නිදි ගැට කඩ කඩ පඩි පෙල බැහැලා ගිහින් තේක අරන් එන්නේ.එහෙම නොවුනොත් නංගි තේක ගේනවා )
නංගි - අක්කී... අක්කී , තමුසෙට තේක ළඟටම ගෙනත් දෙන්න ඕනද? නෝනා වගේ ඉන්නේ එළියට බැහැලා වැඩක් කරනවකෝ ...
හවසට අම්මී ආවම
අම්මී - මහන්සියි අප්පා තේකක් වත් නෑනේ !
මම - ඔව් අප්පා ! නංගී තේකක් හදනවකෝ රසට ! අනේ මට බෑනේ ඔච්චර රසට තේ හදන්න
... (ඉස්සර නම් රැවටුනා
... දැන් රැවටෙන්නෙ නෑ අප්පා
)
නංගී - අනේ මේ මට බෑ ! තමුසෙට ඕන නම් හදනවා ... කිසි වැඩක් කරන්නෑ ...
මම - එහෙනම් මම තමුසෙට ගෙනත් දීපු සෙරප්පු දෙක ගන්නවා
නංගී - ඉතිං ගන්නවා ! මට කොහොමත් තමුසෙගෙ සෙරප්පු එපා ...
(රණ්ඩුව උත්සන්න වේ )
අම්මි - කොල්ලෝ දෙන්නෙක් හැදුවා ගෙදර කිසි සද්දයක් තිබුණේ නෑ ... අනේ අප්පෝ මගෙ කොල්ලෝ දෙන්නා නැති එකෙන් මගෙ අත් දෙක නැති වුණා වගේ.කෙල්ලො වැඩක් නෑ අප්පා තේකක් නෑනෙ ගෙදර මහන්සි වෙලා ආවාම !
(තරහ ගිහින් බැරිම තැන මම නැගිටලා යනවා තේ හදන්න)
මම - එනවකො බලන්න තේ බොන්න
! මෝඩි ! 
නංගි - මට ඕන නෑ තමුසෙගෙ තේ ! (ටිකකින් තේ ගෙනාවම )
මම - දැන් තේ බොන්න කියලා වඳින්න ඕනද ?

(හොරා වගේ අදිමදි කරලා අවදානෙ නැතිවුණාම නංගි තේක අරන් බොනවා
)
..........................
නංගී - අක්කි ලැප් එක දෙනවකෝ ...
(නංගී කාමරේට එද්දි මම මැරිලා වගේ ඇස් උඩ ගිහින් කට ඇරගෙන ඉන්නවා
)
නංගී - අම්මී !!! අක්කි මැරිලා ! අක්කිගේ කාමරෙයි අල්මාරියයි රත්තරන් බඩුයි ෂල්වාර් ටිකයි මම ගන්නද ?
මම - (මරණයෙන් නැගී සිටිනවා ) ආහ් එහෙමද හිතන් ඉන්නේ ?
නංගී - ඔව් ඉතිං තමුසෙට නෙවේ කොහොමත් මට තමයි ඒවා ගැලපෙන්නේ! මමනෙ අම්මිගෙ දුව
මම - අනේ නිකං ඉන්නවා ! තමුසෙ අම්මිගෙ දුව වෙන්නෙ කොහොමද අම්මිගෙ නිකටෙ ලපේ මටනෙ අම්මි දුන්නේ ! (ඕක තමයි නංගිට අප්සට් යන ලොකුම හේතුව
ඉතිං මමත් තැලෙන යකඩෙ උඩ පැන පැන තලනවා
)
නංගී - අනේ යනවා තමුසෙ කොටට කොටේ ! (නංගි මට වඩා අඟල් 4ක් විතර උසයි)අම්මිට කියන්න ඕන ඉක්මණට බන්දලා යවන්න කියලා ! හැබැයි කොට මනුස්සයෙක් තමයි ගැලපෙන්නෙ ! තමුසෙ ගියාම මටනෙ මේ ගෙදර අයිති !
මම - අනේ යනවා මැට්ටි ... බලනවා අයියලට මට අම්මිට අපි ඔක්කොටම ඩිග්‍රි තියෙනවා ! තමුසෙට කොහොමත් රෙද්දකුයි හැට්ටෙකුයි අන්දලා ගෙදර බලාගන්න තමයි තියන්න වෙන්නේ !
නංගී - අප්පෝ තමුසෙ මැරුණා නම් තමයි හොඳ ! යනවකො කැම්පස් එකටම ඉක්මණට අපිට නිදහසේ ඉන්න... මමත් හොඳට ඉගෙන ගෙන කැම්පස් ගිහින් තමුසෙව මගේ ගෙදර වැඩට ගන්නවා !
මම -
.... කියලා තමයි ... හිතන් ඉන්නේ ??? බලමුකෝ ...
අම්මී - ඔව් සුදු අම්මිගෙ හඳහන හොඳයි කොහොමත් ... හොඳට යාන වාහන ගෙවල් තියෙන පොහොසත් කෙනෙක් වෙනවා ! අක්කිට කිලුටු පෙරා ගෙන කුස්සියට වෙලා තමයි ඉන්න වෙන්නේ !!!
(මම පරදිනවලු ඔන්න ... කැම්පස් ගිහින් සති දෙකක් විතර ගියාම නංගී අම්මිගේ ෆෝන් එකෙන් කෝල් කරනවා)
නංගී - මගෙ සුදු අක්කී ! ඔයා කවද්ද ආයෙ එන්නේ ???