🌈️🦄
මං ආසයි...
උඹ,
උඹෙ මහා ලොකු,
සර්ව පිත්තල ලෝකෙන්...
වෙන්වෙලා ඇවිත්...
මං ළඟ වැටිලා...
මගෙ ආදරේ විඳින විදිහට...
මං එක්ක මං නිසා...
ඔහේ පුංචි සයිවර් කඩේක,
මස් මාලු අත ඇරලා...
රොටියයි, ලුණු මිරිසයි එක්ක,
කිරි කෝපි බීලා,
හිනා වෙලා ඉන්න විදිහට...
සල්ලි ඉස්සරහ...
ආදරේ පාගලා,
හැරිලා වත් නොබලා,
ගිය උන් අස්සෙ...
සල්ලි ලොකු නෑ කියලා...
නුපුරුදු ආදරේ තියා ගන්න,
උඹ කට්ට කන විදිහට...
.
. ෴. විලෝචනා .෴.
මං ආසයි...
උඹ,
උඹෙ මහා ලොකු,
සර්ව පිත්තල ලෝකෙන්...
වෙන්වෙලා ඇවිත්...
මං ළඟ වැටිලා...
මගෙ ආදරේ විඳින විදිහට...
මං එක්ක මං නිසා...
ඔහේ පුංචි සයිවර් කඩේක,
මස් මාලු අත ඇරලා...
රොටියයි, ලුණු මිරිසයි එක්ක,
කිරි කෝපි බීලා,
හිනා වෙලා ඉන්න විදිහට...
සල්ලි ඉස්සරහ...
ආදරේ පාගලා,
හැරිලා වත් නොබලා,
ගිය උන් අස්සෙ...
සල්ලි ලොකු නෑ කියලා...
නුපුරුදු ආදරේ තියා ගන්න,
උඹ කට්ට කන විදිහට...
.
. ෴. විලෝචනා .෴.