Pages

Wednesday, March 28, 2018

...::: කිරි දෝණි තනි වුණා :::...


ඉස්සර වගේ ඉතිං...
එනව නම් මේ වගේ...
දුවන් එන්නම් ළඟට...
කිරි දෝණි සතුටින්...
.
දින ද සති මාස වස්...
ඉඳ යුද බිමෙන් එද්දි...
කැරකෙමින් නුඹ වටේ...
ප්‍රශ්න කර කෝටියක්...
.
නුඹේ පපු තලය මත...
පිරිත් තාලෙට අසා...
නෙත් පියවුණත් සැපයි...
යලි ආයෙ නෑරුණත්...
.
රසද මං හැදු කෑම...
ඇසුවෙ නෑ කවුරුත්ම...
නුඹ ගියපු දා පටන්...
නෑ එවන් බත් කටක්...
.
නුඹ ගියෙව් ඒ ලොවෙහි...
තනි නැතුව ඇති සැමට...
බිත්ති හතරේ ලොවක...
කිරි දෝණි තනි වුණත්...

Thursday, March 1, 2018

...::: කොහේ යන්නද මා :::...

Vilochana Abeykoon's photo.


සදොස් තැන් ඇත නිදොස් වන්නට
දිවැස් නෑ පෙර නිමිති කීමට
විතක් මධු පැන් තොලේ තවරා
පුවත දිගරිමි මා...
.
භවුන් වඩමින් සෙමින් ගමනින්
නැවුම් වදනින් නිවුනු පෙනුමින්
පාව යන මෘදු වරා කුසුමක
පැටලුනා දෝ මා...
.
ලලා අඳුරින් වැසි නුදුන් නුබ
සුවඳ වපුරා නොපිපි මල නුඹ
සියක් හැඟුමන් ගඟට ඉනි වුව
කොහේ යන්නද මා...
.
...::: Vilochana :::...