Pages

Thursday, January 25, 2018

...::: සීයාගෙ නික්මීම :::...

'<3 කැම්පස් යද්දි නතර වෙලා හිටපු බෝඩිමේ සීයා හොඳටම අසනීප වෙලා... ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😖
.
ආගන්තුක එදා සරසවියට යාව
කිසිවෙක් නොවිය දන්නා හඳුනන මාව
බෝඩිම ළඟින් පන්සිල් කියනා රාව
ඇසුනෙන් හැඳින්නෙමි ආදර සීයාව
.
බඩගින්නෙද ජයේ මොනවත් කෑවාද?
ගත් ඉඳියප්ප මුල දුන්නොත් ඇතිවේද?
හිස් බඩ ඉන්නෙපැයි කී කළ අවවාද
තම අහරෙන් අඩක් දුන්නේ මට නොවෙද?
.
අප්පච්චී මෙමා හැර දුර ගිය දාට
කිරිදුව කියන්නට කිසිවෙක් නැති දාට
පිය සෙනෙහසින් අඩුවක් මට නොකලාට
මදි කල් නුඹට ඒ කළගුණ සලකන්ට
.
මහ රෑ දහක් වැඩ නිම කර බෝඩිමට
ආවම නොවිය හැල හොල්මන් තනියකට
ඇඟ පත සෝදගෙන එනතුරු ගේ තුළට
නිදි මැරුවා නුඹත් නුඹෙ දරු කැක්කුමට
.
ජාතිත් ජාති නුඹ කවුරුන් හෝ වීලා
මගෙ අහලකින් ඉපදෙන බව සැලවීලා
සසරේ පුරුද්දට නුඹෙ සෙනෙහස ලැබිලා
කෙතරම් දරුවො හිනැහී ඇත සැනසීලා
.
මෑතදි ගියත් නුඹෙ සැප දුක විමසන්න
එක් තැන් වෙලා බෑ වදනක් පවසන්න
සියයක් ආයු මගෙත් ආයු ගෙන මෙන්න
සිය වසකට වඩා ඔබ ජීවත් වන්න
.
ලෝ දහමට කාත් කවුරුත් ලෙඩ වෙනවා
පින් දම් කලැත්තෝ දස මරු පරදනවා
මොනවද කියන්නට වගෙ නුඹ සැරසෙනවා
එය දැනගන්න සනීපවෙන්නට වෙනවා
.
නයි සර්පයින් ගෙන් මා බේරාගන්න
යන මග හෙලි පෙහෙළි හැකි තෙක් කර දුන්න
නුඹෙ ඒ සවිය යලි දෑසට දැක ගන්න
මගෙ රත්තරන් සීයෙ යලි නැගිටින්න
.'

 කැම්පස් යද්දි නතර වෙලා හිටපු බෝඩිමේ සීයා හොඳටම අසනීප වෙලා... ඉක්මනටම සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා 😖
.
ආගන්තුක එදා සරසවියට යාව
කිසිවෙක් නොවිය දන්නා හඳුනන මාව
බෝඩිම ළඟින් පන්සිල් කියනා රාව
ඇසුනෙන් හැඳින්නෙමි ආදර සීයාව
.
බඩගින්නෙද ජයේ මොනවත් කෑවාද?
ගත් ඉඳියප්ප මුල දුන්නොත් ඇතිවේද?
හිස් බඩ ඉන්නෙපැයි කී කළ අවවාද
තම අහරෙන් අඩක් දුන්නේ මට නොවෙද?
.
අප්පච්චී මෙමා හැර දුර ගිය දාට
කිරිදුව කියන්නට කිසිවෙක් නැති දාට
පිය සෙනෙහසින් අඩුවක් මට නොකලාට
මදි කල් නුඹට ඒ කළගුණ සලකන්ට
.
මහ රෑ දහක් වැඩ නිම කර බෝඩිමට
ආවම නොවිය හැල හොල්මන් තනියකට
ඇඟ පත සෝදගෙන එනතුරු ගේ තුළට
නිදි මැරුවා නුඹත් නුඹෙ දරු කැක්කුමට
.
ජාතිත් ජාති නුඹ කවුරුන් හෝ වීලා
මගෙ අහලකින් ඉපදෙන බව සැලවීලා
සසරේ පුරුද්දට නුඹෙ සෙනෙහස ලැබිලා
කෙතරම් දරුවො හිනැහී ඇත සැනසීලා
.
මෑතදි ගියත් නුඹෙ සැප දුක විමසන්න
එක් තැන් වෙලා බෑ වදනක් පවසන්න
සියයක් ආයු මගෙත් ආයු ගෙන මෙන්න
සිය වසකට වඩා ඔබ ජීවත් වන්න
.
ලෝ දහමට කාත් කවුරුත් ලෙඩ වෙනවා
පින් දම් කලැත්තෝ දස මරු පරදනවා
මොනවද කියන්නට වගෙ නුඹ සැරසෙනවා
එය දැනගන්න සනීපවෙන්නට වෙනවා
.
නයි සර්පයින් ගෙන් මා බේරාගන්න
යන මග හෙලි පෙහෙළි හැකි තෙක් කර දුන්න
නුඹෙ ඒ සවිය යලි දෑසට දැක ගන්න
මගෙ රත්තරන් සීයෙ යලි නැගිටින්න

Saturday, January 13, 2018

...::: නැන්දම්මා :::...


නැන්දම්මා හරි වසයි කියලා මං,
කිව්වා නේද බොල මුල ඉඳලා 😄
තනිකඩ වෙනවා සැපයි හිතෙයි නෙවැ,
මෙහෙම කතා අහනවට වඩා 🙄
.
කියන්න සතුටුයි හෙව්වට බෑනෙක්,
සැකයි එහෙම උන් ඇති කියලා 😂
උඹ මත්තෙම මං ඉන්නව දැක්කම,
කිව්වේ ලුණු ඇඹුල් මදි නොකියා 😩
.
සැරෙන් සැරේ විත් නහකුණු ගෑවම,
ගේ දොර වතුපිටි එපා වුණා 😩
කියල කියල මට බැරි වුණ තැනදිම,
ඕන එකක් කරගං කිව්වා 😠
.
ඔන්න ඔහොම දින සති ගත වෙනකොට,
හයි හත්තිය යහ ගුණ දැකලා 😜
නැන්දම්මා හරි සෙනේවන්ත වී,
බෑනගෙ වග තුග විමසනවා 🤣
.
කයිවාරුවෙ ප්රතිඵල සටහන ගෙන,
නිවේදනය අද නිකුත් කලා 😨
නිදි මර ගාතේ නැගිට්ට හැටියෙම,
මගුල් කිකිණි කන් දෙපලු කලා 😱
.
මාර්තු මාසේ මගුල ඉස්ථිරයි,
නැකතක් බලවමු කල්තියලා 😍
කල් යවලා බෑ හනිකට බැඳහන්,
දැන් ඇති ගෙදරට නාකි වුණා 😜
.
නැන්දම්මගේ සුදු බෑනෝ මොහොතක්,
මේ අහපන් කරුණා කරලා 😉
උඩරට මැණිකෙට ඕන මගුල් නෑ,
ගන් කරකාරෙට හනිකරලා 🤔
.
වෙනස් වෙන්න කලියෙන් අර පින් හිත,
දැන්ම තීන්දුව තිර කොරලා 😘
අමර නයනා මෙන් හොඳ ළමයින් වෙමු,
අපි හඳපානට අත වනලා 😂
.
...::: ලෝචි :::...

Tuesday, January 9, 2018

...::: Search bar :::...

🔍
උඩ Search bar එකේ
ඔබ නිතර නිතර
Search කරලා බලන
ඔහු / ඇය / ඔවුහු
ඔබේ නින්ද ඔබෙන් දුරස් කරයි...
ඔබේ
මහා සතුටටත් 😊
මහා දුකටත් 😖
හේතු කාරණා 
මොනවට පැහැදිලි කරයි!!!

සැ. යු - ඉතිහාසය මකන්න කලින් 😂

Sunday, January 7, 2018

...::: තනිව ඉන්න :::...

'<3
කොතෙක් දුර අප එක්ව ආවත්,
යන්න වෙන්නේ තනියමයි...😊
අත මිටේ සරු මොනව තිබුණත්,
ඉතිරි වෙන්නේ හිස් අතයි...😔
කෙලිදෙලෙන් අප රංචු ගැහුණත්,
ඕන කමකට නැති හැඩයි...😒
තනිව ඉන්නත් නැතිව ඉන්නත්,
පුරුදු නම් ඇඟටත් ගුණයි...😊'


කොතෙක් දුර අප එක්ව ආවත්,
යන්න වෙන්නේ තනියමයි...😊
අත මිටේ සරු මොනව තිබුණත්,
ඉතිරි වෙන්නේ හිස් අතයි...😔
කෙලිදෙලෙන් අප රංචු ගැහුණත්,
ඕන කමකට නැති හැඩයි...😒
තනිව ඉන්නත් නැතිව ඉන්නත්,
පුරුදු නම් ඇඟටත් ගුණයි...😊

Thursday, January 4, 2018

...::: වද මල :::...

'😍
නංගි කොහෙද වද මල වගෙ යන්නෙ ඔයා 😂
ඇසුවා කෙනෙක් සරසවියට යද්දි මෙමා 😊
මම යන ගමන මට වත් නොදැණුන හින්ඳා 😒
මුව අග සිනවෙන් කෙටි පිළිතුරු දුන්නා 😚'

😍
නංගි කොහෙද වද මල වගෙ යන්නෙ ඔයා 😂
ඇසුවා කෙනෙක් සරසවියට යද්දි මෙමා 😊
මම යන ගමන මට වත් නොදැණුන හින්ඳා 😒
මුව අග සිනවෙන් කෙටි පිළිතුරු දුන්නා 😚

Wednesday, January 3, 2018

Coca-Cola

දෙසිය තිහට තිබුණු බෝතලේ එහෙම
තුන්සිය හතලිහට මිල කෙරුවේ කොහොම
සොයනෙමි පරණ ස්ටොක් පීරා මුළු ටවුම
අවිහිංසක අපේ පවසට පවුරු කිම

...::: එහෙනම් මාත් දීගෙක යන්නට හිතුවා :::...


යන යන හැම දෙවොලෙ පඬුරක් ගැට ගැසුවා
හැම බෝ සෙවනකම පැතුමක් මුසු කෙරුවා
හිතටත් ඇති මෙතෙක් තනිකම රජ කෙරුවා
එහෙනම් මාත් දීගෙක යන්නට හිතුවා 😊
.
.
.
කියලා මම board වෙලා හිටිය ගෙදර නංගි කිව්වා... ඔව් එයා මේ මාසෙ බඳිනවා 😂

Tuesday, January 2, 2018

...::: රුහුණු කුමරිය :::...

 ඇය හා ඔහු ගියා අද මට හූ කියලා 😖
.
කඳුලක් දෙකක් හරි ලාවට වැටෙනකොට
ඉකියක් දෙකක් අඩමානෙට ඇහෙනකොට
සතියක් දෙකක් ළඟ හිඳ යන පාළුවට
කවියක් දෙකක් බැඳුනා හිත වියරුවට 😑
.
ළඟ ඉන්නට පුරණ පෙරුමන් මගෙ සහනේ
ඇයි එක වහල යට දෙන්නට නැති නිවනේ
නුඹ ගිය නිසා එළියත් නලියයි පහනේ
යළි එන දිනට අතැඟිලි මදි රත්තරනේ 😒
.
මා බෝ තුටින් පසු විය නුඹ ළඟ හින්ඳා
උණටත් ළඟ උන්නෙ නුඹ මට බැරි හින්ඳා
කුකුලත් කරින් ගෙන පින්නෙම ගිය හින්ඳා
දුම්රිය මෙන් යකඩ හිත රිදුනද මන්ඳා 😖
.
ඇය නුඹ ගෙන ගියේ කන ළඟ හූ හඬ ලා
පාලුයි හද සොහොන්කොත කනකොක් හඬලා
ගිය ලෙස පරිස්සම්කොට මට අත වනලා
එනු මැන රුහුණු කුමරිය හා හනිකරලා 😍