Pages

Tuesday, November 28, 2017

...::: තනුවක් වෙලා රැඳියන් මේ දෙතොල් මත :::...


අල්ලා රඳා ගනු බැ‍රි මුදු සුළඟ නුඹ
එති එති කළඹ කළඹා මා දුර ඇදෙන
අකලට විත් නොරැඳි ඇදෙනා වසත් කල
නුඹමය සදා උමතුව මතුවී මැකෙන
.
හී සර නුඹේ නෙතු මා හද රුහිර විද
පසාරු කර ඇදෙයි ඩැහැ ගන්වා ලෝම
එක් සඳවතක් සිප ගත්තෙමි සිහිනයක
තනුවක් වෙලා රැඳියන් මේ දෙතොල් මත

Saturday, November 18, 2017

...::: From the Hell :::...


නොදුටු නොහැඳිනු හිතවතුන් ...
තනිව ළබැඳුණු රස වතුන් ...
හාන්කවිසිය මගැන නොදැනම ...
දුරින් පෙම් බැඳි පෙම්වතුන් ...
.
පෙමට හැඳිනුම් ලියනවුන් ...
හැඟුම් කවිකොට ගයනවුන් ...
කවිය මගකදි එළිසමය බිඳ ...
අතීතය සිහිකරනවුන් ...
.
අලුත් මුහුණින් ඇදෙනවුන් ...
අලුත් ආරෙට රඟන වුන් ...
අලුත් අරුතින් සිහින පෙන්වා ...
පරණ පාරෙම ඇදෙනවුන් ...
.
කොමළ වත තොල් රත්වනුන් ...
බොළඳකම් පෑ රන්වනුන් ...
තැලී පෑරී ගියෙන් මෙහි නෑ ...
නුඹේ වන්නට සුරඟනුන් ...
.

෴ විලෝචනා ෴

Friday, November 10, 2017

අනේ කොල්ලො ඇයි ඔය හැටි බඩ ජාරී 😜

උජාරුවට ඇන්ඳට නම් නෑ කාරී 😏
යන යන හැමතැනම දා ගත්තත් ගෝරී 😠
එහෙත් මෙහෙව් කරුණක් නෑ මට තේරී 😤
අනේ කොල්ලො ඇයි ඔය හැටි බඩ ජාරී 😜

Thursday, November 9, 2017

...::: පණිවිඩ :::...


දැක්කත් නොදුටු සේ ඉන්නේ ඉවත බලා
ආඩම්බරකමට නොව ඇස් වෙහෙස වෙලා
හැම පණිවිඩේටම හිටියොත් අතවනලා
නැති වෙයි කලක් ඉන්නට කාලා ඇඳලා
.
සංවාදයක් එකකින් කෙලවර නොවෙන
එකකින් එකක් තව තව බස් පෙළ ගැසෙන
සිතනුය කෙසේ හැමටම පිළිතුරු ගෙනෙන
යන්තම් ඇයි හොඳැයි කීමෙත් පල නොවන
.
එක දෙක පැයට පණිවිඩ ගොඩ ගැහෙන්නේ
ඇතැමෙක් හොඳින් ඇතැමෙක් දෙස් තියන්නේ
කොහොමද හැමට එක දේ යලි කියන්නේ
ඒකයි අනේ මේ පාඩුවෙ හිඳින්නේ

Saturday, November 4, 2017

...::: බස්සා :::...


හොස්ස අහලින් මැස්සා යන්නැති 😍
වැස්ස වැස්සත් උස්නෙ අඩු නැති 😂
දිස්වු කෙලි ගති රිස්සුවේ නැති 😖
බස්සා මගෙ මට ගස්සගෙන යති 😒
.
...::: ලෝචි :::...