Pages

Tuesday, May 30, 2017

වෙඩින් කේක්

'<3 වෙඩින් කේක් <3 
.
කෝට් කලිසම්,
ජැන්ඩියට ඇඳි,
අම්මිගේ මනමාලයයි ඔහු,
සාරියට හැඩ,
පාට නොතැවරු,
ඇයයි අප්පච්චිගේ කුමරිය,
පුංචි අප සැම,
ගෙදර තනි කර,
කොහේ මංගල කිකිණි ඇසුණද,
නැවත ගේ දොර,
බලා එනවිට,
කිසි දිනක අතපසු නොවූ...☺
.
කේක් පංගුව,
අපිට වෙන් කල,
අපිට නොමදී රසක් නොබැලුව,
අනේ ඒ,
පිං සෙනෙහසේ කව,
ඔහු නැතත් ඇය තනිව පබඳින,
මතක් කර ඒ,
මිහිරි මතකය,
ළඟදි දවසක ඇය මවෙත දුන්,
ඇයට හිමි නොවු,
මගේ පංගුව,
නුඹේ වන්නට මග බලයි...😍
.
හැමදාම වගේ ... මේ ළඟදි මගුල් ගෙදරක ගිහින් එද්දි අම්මි මට වෙඩින් කේක් කෑල්ලක් දුන්නා... පහුවදා ඇහුවා... "ඊයෙ ඔයාගෙ කේක් කෑල්ල කෑවද? " කියලා... මම කිව්වා... "අම්මි මම ඒක සහන් ට තිබ්බා... " කියලා... "එහෙනම් මේ කෑල්ල කන්න"කියලා කකා හිටපු එකෙන් ආයෙත් කොටසක් මට දුන්නා... අනේ මන්දා... හැම විටම ඇය ගැන දෙපාරක් හිතෙනවා... ඒ තමයි අම්මී... කොහොම වුණත් ඔයා එනකල් ... කේක් කෑල්ලක් බලන් ඉන්නවා... 😘'


.
කෝට් කලිසම්,
ජැන්ඩියට ඇඳි,
අම්මිගේ මනමාලයයි ඔහු,
සාරියට හැඩ,
පාට නොතැවරු,
ඇයයි අප්පච්චිගේ කුමරිය,
පුංචි අප සැම,
ගෙදර තනි කර,
කොහේ මංගල කිකිණි ඇසුණද,
නැවත ගේ දොර,
බලා එනවිට,
කිසි දිනක අතපසු නොවූ...
.
කේක් පංගුව,
අපිට වෙන් කල,
අපිට නොමදී රසක් නොබැලුව,
අනේ ඒ,
පිං සෙනෙහසේ කව,
ඔහු නැතත් ඇය තනිව පබඳින,
මතක් කර ඒ,
මිහිරි මතකය,
ළඟදි දවසක ඇය මවෙත දුන්,
ඇයට හිමි නොවු,
මගේ පංගුව,
නුඹේ වන්නට මග බලයි...😍

Saturday, May 27, 2017

පාලමෙන් එහා


.
දාංගලෙයි විසෙයි මගේ,
ගෑවිලාවත් නෑ ඒකට... 
මං බෙරිහන් දෙන තරමින්,
අඩකුත් නෑ උගෙ කට හඬ... 😂
.
හැඩ හින්දද කොයි කවුරුත්,
හැරී බැලුවෙ දෙපාරක්ම...😍
සතියට දත් බුරුසු දෙකයි,
පුදුමත් නෑ මුතු දත් ගැන... 😘
.
ඉරිසියාව නෑ මට නම්,
නැත්තෙත් නෑ ඔය කිව්වට...😢
උඹ පෙන්නන ඔය හීනෙම,
පැටලිලා මැරෙනවා දවසක... 😚
.
උඩරට මැණිකෙයි කිය කිය,
මං වටේම දැවටුණාට... 😊
වස වෙද්දියි මතුවෙන්නේ,
පාලමෙනුත් එපිටහ සැර...😳

Friday, May 26, 2017

මතකෙට නැගුණත් ඇති

හීනයක් වගේ නුඹ ළඟ හාද කම් දීදී..................... 
මනමාලියක් වෙලා එන්නයි ඉන්නෙ නුදුරෙදී......... 😍
සඳ සාවියයි සඳේ උරතල වින්ඳ සුව නිදී................ 😚
මතකෙට නැගුණත් ඇති එතරම් සිත නුඹට ලැදී...... 

Sunday, May 14, 2017

...::: යාචිකාවක්මි:::...


යාචිකාවක්මි.
දිවි තෙක්,
නුඹ රජ කරවන...

Wednesday, May 10, 2017

...::: රකිමි නුඹ මගෙ පණ කරන්:::...

  
සරා සඳවත... නුරා ලවනත... ස්නේහයේ සර... මුමුණමින්...
පිරූ පෙරුමකි... පැතූ පැතුමකි... කල්ප ඇරඹුමටත් මුලින්...
හමුව එන්නැති... වෙන්ව යන්නැති... කලෙව් බෝ... කම් පල දෙමින්...
සමාවුව මැන... මගෙම වී මිස... යන්න නොදෙනෙමි... මේ භවෙන්...
.
සුදෝ සුදුවන්...සුපුල් කඩුපුල්... සුවඳ පරදන... නුඹෙ කොපුල්...
සේද මුදුවන්...රෝස පෙතිවන්...සිහිල් දෑලේ...නුඹෙ දෙතොල්...
තෙමා හදවත... කිඳා බැස හද...නුරා විල් උතුරන තෙපුල්...
සලා සෝදා...යන්න තරමට...සසර බැමි නොම විය දුහුල්...
.
සදා කල් සිත... පැතූ ඉමිහිරි... ස්නේහයේ සිරගත කරන්...
බලා හුන්නෙමි... නුඹේ නිල් නෙතු...මනෙත් ගැටෙනා... දින බලන්...
තුන් සිතින් උන්මාද වී...තව තවත් සසරට ලොබ කරන්...
දුකම දියකර...පිපාසෙට බොමි...තත්පරක් නුඹ හා සොයන්...
.
අත් වනුය... බුදු බවම නුඹ හට... පෙලු දුකෙන් මුදලූ ලුයෙන්...
නුඹේ බෝසත්... දෙපා ළඟ හෙලු කඳුලු ලෝ දිය නාමයෙන්...
ඉපදි මියැදෙමි... යලිඳු ඉපදෙමි... නුඹම සොයනෙමි... මනු ලොවින්...
නුඹට වින වන... රුපුන් සුන් කර...අපාගත වෙමි...නුඹෙ නමින්...
.
පලා හදවත... බලා අදහනු... නුඹයි එහි ගැස්මේ පටන්...
පෙලා නොයනුය... තවත් හදකට... කිසිත් නොවනුය පල එයින්...
පියෙව්වත් නෙත... වුවත් ගොළු මුව... නහර ඇතුලේ... තද කරන්...
සුසුම් දෙමි රුහිරයෙන් නුඹටම...රකිමි නුඹ මගෙ පණ කරන්...
.
...::: විලෝචනා :::...

Saturday, May 6, 2017

එකසිතක්...


කුමරිය...
නොරිදනු ඔය තරම්...
මේ...
දෙසිතක් නොව,
එකසිතක්...

Tuesday, May 2, 2017

වෙන්ව යන රුදු දින


සමීපෙහි නුඹ වුව,
දිවෙයි කාලය හෙමිහිට,
අහිමි බැව් දැණුනද,
බැඳුණි දින දින නුඹට සසරම...
.
වෙන්ව යන රුදු දින,
අදැයි රිදි රිදි සිතුනද,
වෙර නොබැඳ සිත,
පතමි සහනය පෙර ලැබූ ලෙස...
.
සොඳුරු කර මගෙ ලොව,
මතක පොදි වැහි පතිත කර,
මරා සඟවා පෙම් සිත,
ගියා නොයෙනා ගමන් සඳවත...