Pages

Wednesday, February 22, 2017

EDCS දෙවිඳුණි


හොස්ටල් නැති මහපොළ නැති,
අසරණ සරසවි වරණේ...
EDCS දෙවිඳුණි,
ඔබමයි නොවැ පිහිට වුණේ...
සිව් වසරට හතලිස් දහසක,
ශිෂ්‍යත්වෙක සරණේ...
අන්තිම වාරිකය ගන්න එමි,
කරුණා කරනු මැනේ... 

Tuesday, February 21, 2017

අප්පච්චිගේ හුස්ම


ඉකි ගසා හඬන එක්
මූසලම මැදියමක,
මාරයට වෙර බඳිමි
නුඹෙ හුස්ම ගත් සෙයින්...
.
බුර බුරා නැගෙන දුක්
වේදනා දරාගෙන,
මාරයට පෙම් බඳිමි
මට කෙරූ ඇරයුමෙන්...
.
කිසා ගෝතමිය සෙවු
නොමළ ගෙයි අබ මිටම,
සොයා යනු සිතෙයි මට
යළිඳු පණ ගනු රිසින්...
.
අප්පච්චිගේ හුස්ම
නොසිතු විට ගත් මරුට,
පෙනේ නම් මෙ හිස් දිවි
ගණු ඔහුට පණ දෙමින් ...
.
...:::විලෝචනා:::...

Saturday, February 18, 2017

නෑසෙයි නුඹෙ හඬ

 
නෑසෙයි නුඹෙ හඬ
තනියට ළඟ උන් ...
‍නුඹේ ඇසුර මට
නුහුරුත් ඇති දැන්
රිදි රිදි නුඹ ළඟ
නුඹටම පෙම දුන්
මගේ සෙනෙහෙ සුව
මතක නැතිද දැන්?
.
Miss You Crusader 

Thursday, February 16, 2017

ඇයි දබර

  
ලියතඹර රත් තඹර...
කොලු නඹර හිතට බර... 
දඩබ්බර සෙනේබර...
සහනඹර ඇයි දබර...