Pages

Monday, January 30, 2017

හොඳයි හොඳයි


පින් කඳ හොඳයි දළදා හිමි පුදන්න 
පෙම් කඳ මදැයි සුර ලෝ මෙහි මවන්න 
හත්තිය යසයි වැව් දා ගැබ් තනන්න 
සැර ටික හොඳයි මිරිසට මට උයන්න 
.
...::: විලෝචනා:::...

The Abandoned Heaven


.
I lived in a hell ...
Bound to a spell ...
Dwelled on the past ...
Suddenly had a blast ...
But now ...
I know ...
There's the heaven above 
Filled with caring and Love 
And I'm in Love 

Sunday, January 8, 2017

නුඹ හැර ගොසින් තෙමසක් විය නොදැනීම!

':( නුඹ හැර ගොසින් තෙමසක් විය නොදැනීම!
.
පිරිතකි පිරිත් නූලෙන් වට දන රැසකි...
සවසකි සකි නිවස  පිය තුම නැති දිනකි...
තෙමසකි සියවසකි හෝරා කිහිපයකි... 
දවසකි නුඹව සැම මතකෙට ගත් රැයකි...
.
නුඹ හැර ගොසින් බැව් නාඳුනනා සිතට...
නුඹ යලි නොඑන බැව් පිළි නොමගත් සිතට...
කොයි හරි නුඹ ඇතැයි අදහන මේ සිතට...
නුඹ නැති අඩුව මිස අන් සිතුමක් කුමට...
.
නුඹෙ රූ පුරා ඇයි මේ සුදු මල් මාලා...
නුඹ නැති තැනක ඇයි නුඹෙ ගුණ කවි මාලා...
යන්නට ගියත් තෙමසට පෙර මා හැරලා...
නුඹ ඇති හිතේ සුපුරුදු සිනහව පාලා...'


.
පිරිතකි පිරිත් නූලෙන් වට දන රැසකි...
සවසකි සකි නිවස පිය තුම නැති දිනකි...
තෙමසකි සියවසකි හෝරා කිහිපයකි...
දවසකි නුඹව සැම මතකෙට ගත් රැයකි...
.
නුඹ හැර ගොසින් බැව් නාඳුනනා සිතට...
නුඹ යලි නොඑන බැව් පිළි නොමගත් සිතට...
කොයි හරි නුඹ ඇතැයි අදහන මේ සිතට...
නුඹ නැති අඩුව මිස අන් සිතුමක් කුමට...
.
නුඹෙ රූ පුරා ඇයි මේ සුදු මල් මාලා...
නුඹ නැති තැනක ඇයි නුඹෙ ගුණ කවි මාලා...
යන්නට ගියත් තෙමසට පෙර මා හැරලා...
නුඹ ඇති හිතේ සුපුරුදු සිනහව පාලා...

Sunday, January 1, 2017

ගෙදරට එන්නෙ කවදද ?


දිනක් පාසා නුඹ,
ඇසුවෙ එක කරුණ ම,
උපාධිය අහවර,
කරන් ගෙදරට එන්නෙ කවදද ?
.
අහවරයි ඉගැනුම,
එන්න එමි නිවසට,
එනවාද ඇසු නුඹ,
ගිහින් ලොව හැර ඊට පෙරදිම ...
.
සුභ නව වසරක, පින්වත් දිවියක් ලැබ ... එන්න අපි ළඟටම ආයෙත් !
...::: අප්පච්චී:::..