Pages

Monday, July 25, 2016

මුසා බස්

 
නිර්දය ලෙස මුසා බස් සහසක් දොඩා 
එක වරක් ළඟට ගන්න දැරූ වෑයමෙන් 
අඩක් කැප කර ඇත්ත කීවා නම්... 
සදහටම උඹෙනෙ මං... 

Sunday, July 24, 2016

මේක නම් අමු ගොං හැලියක්...

අයියගෙ මගුල් දවසෙ Make-Up කරපු අක්කා මට එහෙම කිව්වේ මම කවදාවත් Saloon එකකට ගිහින් නෑ කිව්ව එකට වගේම මට Eyeline එක අඳිනකල් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුරුදු නැති නිසා... ඇත්ත මූණ දැක්කම මට මාවම එපා උන කාලයක් තිබුනා...අනික් ඔක්කොම පවුලෙ අය සුදු වෙලා මං කලු උනේ...අම්මි කිව්වා වගේ මං පාරෙන් ඇහිඳපු ළමයෙක්ද...  අම්මෝ මං අඬලා ඇතිද කොච්චර...  එන්න එන්න ලොකු වෙද්දි මගෙ මූණ අම්මිගෙ වගේ නොවුනා නම් ... මම ඒකත් විෂ්වාස කරයි ...ෂොප් වලට ගිහින් නිය ආලේපන... තොල් ආලේපන... ක්‍රීම් අනම් මනං කොච්චර ගන්න ඇතිද... ඔක්කොම ෂොප් යන එක නතර කලා Photoshop එක්ක... 
.
කොණ්ඩෙ කඩන් ලස්සනයි කියල හිතාගෙන පාරට බැස්සම... ටික දුරක් යද්දි රස්නෙයි... කොණ්ඩේ විලාසිතා එතනින් ඉවරයි... බඩගිනි වෙලා මොනවා හරි කාපු ගමන් Lipstick එකෙන් පලක් නෑ... කකුල දූවිලි වදිනවා...Cutex පරිස්සම් කරන්න ගියාම අත් පය වලට වෙනම ආරක්ෂාවක් ඕනෙ...කවදාවත් ගලවපු නැති ඇහි බැම දැන් ගලවන්න බයයි ... අනික් කෙල්ලෝ නළල රතු කරන් එනවා දැක්කම... පාරෙ යද්දි Photoshop නෑනෙ... ඔව්... මම නම් අමු ගොං හැලියක් තමයි... ඉතිං... තවමත් උඹ මට ආදරෙයිද? 

Saturday, July 23, 2016

වටිනා කමක්

කල්ලි ගැහිල්ලයි,රවුම් ගැහිල්ලයි,
කම්මැලි කමයි,ෆෝන් එකයි,
බෝතලෙයි උඹට උඹව නැති කලා විතරක් නෙවෙයි ... 
තව මිනිස්සුන්ගේ ජීවිතෙන් වටිනා කාලයක් විනාස කරලා දැම්මා... 
දුක තියෙන්නේ,
අනික් මිනිස්සු ලග නැති උඹෙ හොඳ ගති ටිකට වටිනා කමක් නැති වෙන එකට ..

Monday, July 4, 2016

ඇති දැන්ම ඇහැරෙන්න


මම ගියත් නේන්නම,
නෑනේ නුඹ හැදෙන්නෙම,
තවම නුඹෙ කෙලිලෝල කම්,
තියෙන හැටි යසයි...
.
මහමෙරකි ජීවිතය,
බරක් පතලක් නැතුව,
තවත් නුඹ හිඳින්නේ,
උන්නු ෆැන්ටසියෙමයි...
.
ඇති දැන්ම ඇහැරෙන්න,
ලොව යාවි දුර යන්න,
මමත් දුර ගිය දාට,
නුඹ ඉන්නෙ තනිවමයි...
.
මලක් මෙන් රකින්නට,
මවක් යලි ලැබේවිද,
නැත සොඳුර සිදුවන්නෙ,
තව මලක් රකින්නයි... 
.
Life is too short to ignore your responsibilities...Have fun ... enjoy your life ...but don't forget ... Life is an assault course filled with too many obstacles.... Don't be lazy to clear them during your youth age ...I won't be able to stay behind & help you ... Pity! My poor child ... Now enough ... It's a new day! Gear up !!!! 

Sunday, July 3, 2016

පෙම් හිතක්


හිතේ තුන්දොස් දුරු කරන්නට,
තනිකමින් පැන ඉගිල යන්නට,
සිනාසෙන දින වැඩි කරන්නට,
ඕනි ආයෙත් පෙම් හිතක්... 
.
එක උපන් දිනයක් ගෙවෙන විට,
අනෙක් වසරට දින ගණින්නට,
දිවා රෑ සැලසුම් කරන්නට,
ඕනි ආයෙත් පෙම් හිතක්... 
.
ගොඩ වෙනා හැම කඩ පිලක් තුළ,
සොයා සුකුරුත්තම් අරන් ගොස්,
හමුවෙනා දින පුදුම කරනට,
ඕනි ආයෙත් පෙම් හිතක්... 
.
අතින් නිමවූ දෑ පුදන්නට,
රූ අතින් සිත්තම් කරන්නට,
ගිටාරය වයමින් ගයන්නට,
ඕනි ආයෙත් පෙම් හිතක්... 
.
සොයා නැතිවුන් දන් පුදන්නට,
හිතේ හැටියේ ඇවිද යන්නට,
සසර මුළුලේ පතා ඉන්නට,
ඕනි ආයෙත් පෙම් හිතක් ... 

ළදරුවෙක් මෙන් ළඟම දැවටෙන,
මුතු දසන් පා හිතම සනසන,
බැරිම මොහොතේ ළඟම ගැවසෙන,
වෙද එවන් හුරතල් හිතක් ??? 
.
ඒ නමින් කව් ගී ලියන්නට,
ඒ නමින් ගෙත්තම් කරන්නට,
ඒ නමින් දෙතොලින් ගයන්නට,
වේද මවෙනුව පෙම් හිතක් ??? 
.
රිදුන තැන් සිත දුටත් සුව වන,
ඉවත ගිය කල් මතක් නොකරන,
මැරෙන තුරු හිත අතැර නෑදෙන,
කොයිද ලොව ඒ සම හිතක් ??? 
.
෴. විලෝචනා .෴