Pages

Wednesday, November 25, 2015

සමාජය සහ අපි

  


බූරුවා උඩ කවුරු ගියත් වැරදී ...
බූරුවා උඩ නැගලා ගියත් වැරදී ...
බූරුවා කරේ තියන් ගියත් වැරදී ...
.
මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වලට කොහොමද පොදු නිර්වචන දෙන්නේ ... ඒවා එක් එක්කෙනාට සාපේක්ෂයි ... කාගෙවත් පෝස්ට් තමන්ට ගලප ගන්න එපා ... තමන්ගෙ නිර්වචන තමන් ගැන තේරුම් අරන් හදා ගන්න ඕන ...
.
.
.
කොල්ලා - සඳමාලි නම් හරියට පතිරණ ගැන හොයලා බලනවා ... කොයි වෙලේ බැලින්නම් ෆෝන් එකේ ... පතිරණ නෙවේ සත පහකට ගණන් ගන්නේ ... මාව ඔයාට හොඳ වැඩියි ... මමත් පතිරණ සඳමාලිට හොරෙන් අඩිය ගහලා තව කෙල්ලොන්ට චැට් කර කර බොරු කෝටියක් කිය කිය ඉන්නවා වගේ හිටියා නම් ඔයාටත් තේරෙයි ...
.
කෙල්ල - සඳමාලි කව්ද මං කව්ද? මම ගෙදර නිකං ඉන්න කෙනෙක්ද ? මතක තියා ගන්න මම කවදාවත් සඳමාලි වගේ ඔයාගේ ෆෝන් එක චෙක් කරන්නේ නෑ ... වේටින් වෙද්දි එක පිට එක කෝල් ගන්නෙ නෑ ... පොඩි දේ මිස් වුණ ගමන් එපා වෙන්න අඬන්නෙ නෑ ... ඔයාට අරක කරන්න එපා මේක කරන්න එපා අරයා ආශ්‍රය කරන්නෙපා කිය කිය නීති දාන්නෙත් නෑ ... එහෙමයි කියලා ඒ කොලු නිදහස මම ඉල්ලන්නෙත් නෑ ... ඔයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ... මමත් අත උස්සලා හරි කැම්පස් ආවානෙ නේද ? දවස තිස්සේ ෆෝන් එකේ ඉන්න පුළුවන් වැඩ නැත්තං ... ඉදිරි වැඩ පිළිවෙලක් නැතුව ඒ මොහොත ගැන විතරක් හිතනවා නම් ... හැමදාම මම කියනවා වගේ කොල්ලෙක්ගෙ හොඳම කාලෙ පටන් ගන්නෙ අවුරුදු 24න් ... මොකද එතකොට යමක් කමක් තේරෙනවා වගේම වයසත් තියෙනවා ... අවුරුදු 35 ක් වෙනකල් පිරිමියා කොල්ලෙක් තමයි ... ඉතිං නටන්න තියෙන කාලේ නටන්න ඉඩ දීලා තියෙද්දි සීමාව තියාගෙන මිනිස්සු ආශ්‍රය කරලා කෙල්ලෝ ආශ්‍රය කරලා සතුටෙන් ඉන්න බලන්න ... ආස දේවල් හොයලා කරන්න ... අලුත් දේවල් අලුත් තාක්ෂණය හොයලා ඉගෙන ගන්න ... ඇවිදින්න ... කෙල්ලෝ එක්ක කතා කරලා කෙල්ලො කොහොමද කියලා දැනගන්න ... ඊට පස්සේ මමද එයාලද හොඳ කියලා බඳින්න කලින් තීරණය කරන්න ... බැන්ඳට පස්සේ අප්සරා හොඳයි ... කියන්න ලෑස්ති වෙන්න එපා ... පස්සේ නිදහස හොයන්න ලෑස්ති වෙන්න එපා ... එතකොට වගකීම් ගොඩ ගැහෙනවා ...මේ වගේ රටවල් වල මිනිස්සුන්ගේ අවුරුදු 13 විතර ඉඳන් අවුරුදු 30 ක් විතර වෙනකල් හොඳම කාලය ගෙවෙන්නෙ හරි ආදරේ තෝරගන්න ... බහුතරයක් කරන්නෙ ඒකම විතරයි ...
1. ආදරේ කියන්න කාලයයි
2.ආදරේ කරන්න කාලයයි
3. ගෙදරින් කැමති කර ගන්න කාලයයි
4.වෙන් වෙලා දුක් විඳින්න කාලයයි
.
ගෙදරින් කැමති වුණ ගමන් ඒක අම්මලාගේ මගුලක් වෙනවා ... ඊට පස්සේ අම්මලා ඕන බඳින්න කලිනුත් ප්‍රශ්න විසඳන්න ... අන්තිමට මගුල් හෙට කියලා අද වෙන් වෙලා ආයේ දුක් විඳලා සෙට්ල් වුණ ගමන් ඒක අමකක කරලා අංක 1 ට යනවා ... ඔහොම තමයි අපි නාකි වෙන්නෙ ...සීමිත පිරිසක් තමයි මීට වඩා වෙනස් වෙන්නේ ...
.
මිනිස්සු හැමෝම එක වගේ නෑ ... හැමෝගෙම හැම දවසම එක විදිහට ගෙවෙන්නෙත් නෑ ... කෙනෙක් ඉගෙන ගන්නවා ... කෙනෙක් රැකියා කරනවා ... රැකියා කරන අයත් කරන්නේ විවිධ රැකියාවන් ... කෙනෙක්ට නිවාඩු තියෙන්න පුළුවන් ... කෙනෙක්ට නැති වෙන්න පුළුවන් ... කෙනෙක්ගේ ගෑණු ළමයෙක් නිවසට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ... තව කෙනෙක් ඉගෙන ගන්නවා හෝ රැකියාවක් කරනවා වෙන්න පුළුවන් ... ආදරේ හැමෝටම ඕන වුනත් හැමෝටම එකම විදිහට ආදරේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ... එකම අම්මගෙ දරුවොත් වෙනස් වෙන එකේ කොහොමද කාගෙවත් ක්‍රමයක් අපි අනුගමනය කරන්නේ? අන්තිමට මම දෙයක් මතක් කරන්නම් ....  මම සඳමාලි නෙවේ ...